ලලිත් චාමින්ද –
ගෝඨාගෝගමේ ගාල්ල ශාඛාව කඩා බිඳ දැමීමත් සමග පොලිසියේ නීති විරෝධී ක්‍රියාවට එරෙහිව උද්ඝෝෂකයන් වෙනුවෙන් ඉදිරිපත් වූ ස්වේච්ඡා නීතිඥ කණ්ඩායම ගාල්ල පොලිසියේ උසස් නිලධාරීන් සමග කළ සාකච්ඡාවකින් පසු ගැලවූ කූඩාරම යළි උද්ඝෝෂකයන්ටම දීමට පොලිසියට සිදුවී ඇත.
ගෝඨාගෝගමේ කූඩාරම සම්බන්ධව කිසිවෙක් පැමිණිල්ලක් හෝ ඉදිරිපත් කර නොතිබෙන පසුබිමක එය ගලවා ඉවත් කිරීමට පොලිසිය තීන්දු කර ඇත්තේ කුමණ පදනමකින්දැයි නීතිඥවරු උසස් පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත.
මේ සමාකාමී ජන අරගලයට කිසිදු ආකාරයකින් අනීතික බලපෑම් කිරීමට නොහැකි බවත් පොලිසියේ මෙම හැසිරීම ඉතා අහිතකර ලෙස රටටත් සමාජයටත් ජාත්‍යාන්තරය ඉදිරියේ බලපානු ඇති බවත් නීතිඥවරුන් පොලිසියට දන්වා ඇතැයි දැනගන්නට ඇත.
මේ තත්වය හමුවේ පොලිසියට නැවත කූඩාරම අරගල කරුවන්ට දී අරගලය දිගටම පවත්වාගෙන යෑමට අවසර දීමට සිදුවී ඇති අතර මාර්ගය අවහිර නොකරන ලෙස පමණක් අරගල කරුවන්ට අවවාද කිරීමට පොලිසිය කටයුතු කර ඇත.
ගාල්ල පොලිසියේ අනිතික මර්ධනකාරී මැදිහත්වීමට එරෙහිව මේ වනවිට එම භූමියේ විශාල විරෝධතා ව්‍යාපාරයක් දියත් වී තිබේ.









