ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට බිඳුණු පුටුව අභියස අද සවසත් ශ්‍රී ලාංකිකයෝ දැඩි උද්ඝෝෂණයක නිරත වූහ.
ජර්මනියේ වෙසෙන ලාංකික සිසුන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
දූෂිත පාලනය පරාජය කර නව දේශපාලන සම්ප්‍රදායක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලාංකික සමාජය තුළ ඇති වී තිබෙන විරෝධා රැල්ලට සහයෝගය ලබා දෙමින් අද ජිනීවා හි දී සවස 1.30 සිට 4.30 දක්වා මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්විනි.
“හොරා හොරා – ගෝටා හොරා
හොරා හොරා – ගෝටා හොරා“
ජිනීවා එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට දී රැව් දුන්නේය.
“ඇමතිවරුණි මේ අහන්න – වැඩ බැරිනම් ගෙදර යන්න
තවනම් බෑ බලන් ඉන්න – එලවන්ට කලින් යන්න“
“පෙට්‍රල් මිලට අහස උසට – ගෑස් එකත් අහස උසට
ඩොලර් එකත් අහස උසට – බොරු බේගල් අහස උසට“
මේ ශ්‍රී ලාංකික උද්ඝෝෂකයන් අවසානයේ දී ආරක්ෂක අංශවලින් මෙම ඉල්ලීම කළහ.
“පොලීසියත් මේ අහන්න – හමුදාවත් මේ අහන්න
අපි හැමෝම ගොඩට එන්න – ජනතාවගෙ පැත්ත ගන්න“