ලලිත් චාමින්ද –
උඩුගම ගල්ලන්දල ප්‍රදේශයේ නිවසක ගෙල වැළලාගෙන මිය ගිය බවට සැක කරන 16 හැවිරිදි පාසල් දැරිය දැඩි ලෙස ජංගම දුරකථනයට ඇබ්බැහි වී ඇති සිට ඇති බව පොලිස් පරීක්ෂණවල දී හෙළි වී තිබේ.
මෙම ගෙල වැල ලා ගැනීමට පෙර මෙම දැරිය විසින් සාරි පොටකින් තම ගෙල ගැටගසා ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් ඇයගේ ජංගම දුරකථනයේ තිබී හමු වී ඇති බව ද පොලිසිය පවසයි .
ගෙල වැල ලා ගන්නා ආකාරය දැක්වෙනවීඩියෝ ඇය දිවි හානිකර ගැනීමට පෙර නරඹා ඇති බව ද පොලිසිය පවසයි.
ඇය නිවසේ කාමරයේ ඇති පරාලයක සාරි පොටකින් ගෙළ වැළලාගෙන ඇති බවට සැක කෙරේ.
මෙම පාසල් දැරිය තම මව හා සහෝදරිය සමග නිවසේ සිට ඇත. දැරිය ගේ මළ සිරුරක් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා අද (24)ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමුකළ බව උඩුගම පොලිසිය පවසයි .
උඩුගම පොලිසිය පරීක්ෂණ පවත්වයි .