සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෙදර ඉඳන් කොරෝනා රෝගියකු බලාගන්නේ කොහොමද? සෞඛ්‍ය මගපෙන්වීම නිකුත් වෙයි

by Lanka Sara Editor
අගෝස්තු 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් අසාදිත රෝගියෙකු නිවස තුල තුළ හුදකලා කිරීම සහ කළමනාකරණය පිළිබඳ මාර්ගෝපදේශනය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

මේ වන විට රෝහල් ධාරිතාවය ද ඉක්මවමින් ආසාධිතයන් ඉහළ යාම හේතුවෙන් වෛද්‍ය අධීක්ෂණය යටතේ සුළු රෝග ලක්ෂණ පෙන්වන සහ රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් නිවාස තුළ සිට වෛද්‍ය අධීක්ෂණය යටතේ කළමනාකරණය කිරීම සඳහා මෙම මාර්ගෝපදේශනය නිකුත් කර ඇත .

කිසියම් පුද්ගලයකු පීසීආර් පරීක්ෂණයකින් හෝ Rapid antigen පරීක්ෂණයකින් ආසාදිතයකු බවට තහවුරු වුවහොත් දැඩි රෝග ලක්ෂණ හෝ වෙනත් සංකූලතා නොපෙන්වයි නම්, වයස අවුරුදු 2ත් 65 ත් අතර පුද්ගලයන් පමණක් මේ අයුරින් නිවාසවල රඳවා කළමනාකරණය කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව අවුරුදු දෙකට අඩු සහ 65ට වැඩි පුද්ගලයන් අතරමැදි රෝහල් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කෙරෙනු ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙලෙස නිවාස තුල සිට කළමනාකරණය කරන රෝගීන් වෙනුවෙන් නිවාසවල තිබිය යුතු අවම පහසුකම් පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යාංශය තම මාර්ගෝපදේශයේ සඳහන් කර තිබේ.

ඒ අනුව ඔවුන් වෙනම හොඳින් වාතනය කළ හැකි කාමරයක් තුළ ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් සහිතව රැඳවීම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කළ යුතුය.

එමෙන්ම ස්ථූලතාවය, දියවැඩියාව, අධි රුධිර පීඩනය, නිදන්ගත හෘද හෝ පෙනහළු, වකුගඩු හෝ වෙනත් සංකීර්ණ රෝග තත්වයන් ඇති පුද්ගලයන් මෙලෙස නිවාස තුළ තුල කළමනාකරණය නොකෙරේ.

වෙනත් ප්‍රතිශක්තිකරණය හීන වන රෝගාබාධ නොමැති පුද්ගලයන් මෙලෙස නිවස තුළ කළමනාකරණයට කටයුතු කෙරෙනු ඇත.

මෙවැනි ආසාදිතයකු නිවසේ රැකබලා ගැනීමට සහ කළමනාකරණය කිරීමට ප්‍රමාණවත් සාමාජිකයන් සහය සඳහා පවුලේ සිටිය යුතුය.

නිවස තුළ හුදකලා කරන රෝගියා හෝ සත්කාරක සපයන්නන් සමග වෛද්‍ය අංශවලට පහසුවෙන් ළඟා විය හැකි සන්නිවේදන පහසුකම් සහිත විය යුතුය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා විශේෂ නිවාසවල කළමනාකරණය සිදුවන රෝගීන් සම්බන්ධ විශේෂ දත්ත පද්ධතියක් ස්ථාපනය කිරීමට ද කිරීමටද නියමිත අතර සියළුම රෝගීන්ගේ දත්ත හා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ එම දත්ත පද්ධතියට ඇතුලත් කෙරේ.

මෙම රෝගීන් දෛනිකව අධීක්ෂණය කිරීමට සහ ඔවුන්ගේ දුරකතන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීමට වෛද්‍ය කණ්ඩායමක් සෑම මොහොතකම සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයකම සූදානමින් තිබෙනු ඇත.

තමන්ට පවතින රෝග ලක්ෂණ තවදුරටත් වර්ධනය වීමේ ස්වභාවයක් පෙන්නුම් කරන හුස්ම ගැනීමේ අපහසුතා පෙන්නුම් කරන රෝගීන් කඩිනමින් රෝහල් ගත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුයි එය අදාළ අදාල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ වගකීමකි.

නිවාසවල කළමනාකරණය කෙරෙන ආසාදිතයින් හැමවිටම වෛද්‍ය උපදෙස් අනුගමනය කළ යුතුය.

විශේෂයෙන්ම විවේක ගැනීම දියර වර්ග වැඩිපුර පානය කිරීම සමතුලිත ආහාර වේලක් ලබා ලබා ගැනීම සම්බන්ධයෙන් රෝගීන් කටයුතු කළ යුතුය රෝගීන්ට සත්කාර කරන අයද ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයින් වෙත ඖෂධ ප්‍රතිකාර බලධාරීන් විසින් ලබා දෙනු ඇත. ඒවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හරහා සම්බන්ධීකරණය කිරීමට නියමිතය.

මෙම ආසාදිතයින් කිසිවිටෙකත් වේදනා නාශක භාවිත නොකළ යුතු අතර එලෙස භාවිත කරන්නේ නම් එය වෛද්‍ය උපදෙස් මත පමණක් විය යුතුය.

දීර්ඝ කාලීනව එවැනි ඖෂධ (NSAID) ලබාගන්නා පුද්ගලයින් මෙම කාලය තුළ ඒවා ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් මත පමණක් ලබා ගැනීම කළ යුතුය.

ආසාදිතයා වෙත නිවසේ සත්කාර කරන පුද්ගලයන් හෝ පවුලේ සාමාජිකයන් පුද්ගලයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව අදාළ උපදෙස් පිළිපැදිය යුතුය. විශේෂයෙන් ඔවුන් පෞද්ගලික ආරක්ෂණ කට්ටල පැළඳිය යුතු බවට නිර්දේශ කර තිබේ. එමෙන්ම සනිපාරක්ෂක කටයුතු ද ලැබෙන උපදෙස් පරිදි සිදු කළ යුතුය.

සත්කාරක සපයන්නා කිසිදු වෙලාවක රෝගියාගේ ආසාදිතයා විසින් භාවිත කරන තුවා ඇඳ ඇතිරිලි ඇඳුම් ස්පර්ශ කිරීමේ දී සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රියා දැඩි ලෙස අනුගමනය කළ යුතුය.

ආසාදිත පුද්ගලයාට කුමක් හෝ අපහසුතාවක් පැමිණියහොත් 1990 හදිසි ගිලන් රථ සේවයට ඇමතිය යුතුය .

මෙවැනි ආසාදිතයෙකු නිවසේ සිටින විට කසල බැහැර කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ උපදෙස් මත පමණක් එම මග පෙන්වීම අනුව කළ යුතු වේ.

දින 14ක් ගතවීමෙන් පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ අනුමැතිය පරිදි පමණක් ආසාදිතයන් හුදකලා ස්වභාවයෙන් බැහැර කිරීමට නිර්දේශ කරනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෝචරි පිරෙයි… තාවකාලික කන්ටේනර් පෙට්ටිවලට මිනී පටවයි..

Next Post

සොහොන් ලකුණු පැහැදිලි වෙයි… කොවිඩ් මරණ 5000 ඉක්මවයි..

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.