ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් Hongdu K-8 වර්ගයේ පුහුණු සැහැල්ලු ප්රහාරක ජෙට් යානයක් වාරියපොල මිනුවන්ගැටේ පොල්වත්තකට අද (21) පෙරවරුවේ කඩා වැටුනේය.
ශ්රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ යානය කඩා වැටෙන අවස්ථාවේදී එහි පුහුණු නියමුවන් දෙදෙනා ආරක්ෂිතව ඉන් ඉවත්වී ඇති බවය.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ පුහුණු ජෙට් යානයකි.
යානය ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ තිබේ. මේම අනතුර ශ්රී ලංකා ගුවන් හමුදාව සතුව තිබු K-8 යානා සම්බන්ධයෙන් සිදුවු පළමු ගුවන් අනතුර බව වාර්තා වේ.
විශේෂඥයින් පවසන්නේ K-8 යානා Martin Baker Mk-10L Rocket Assisted Ejection Seat යුගලයකින් සමන්විත වන බැවින් එම පද්ධතිය මගින් අවම උසකින් සහ අවම වේගයක් තුළ ආරක්ෂිතව යානයෙන් ඉවත් විය හැකි බවය.
සිද්ධිය පිළිබඳ ගුවන් හමුදාව විශේෂ පරික්ෂණයක් පවත්වයි.







