ඇවන්ගාර්ඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් අද උදෑසන කටුනායක ගුවන්තොටුපල හරහා රහසිතගතව මාලදිවයනට පිටත් වී ගොස් තිබේ.
ඔහු ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ දී ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තය ආවරණය කරන සියලුම ආරක්ෂක කැමරා සහිත කැමරා පද්ධතිය අක්‍රීය වී ඇතැයි වාර්තා වේ.
එම අවස්ථාවේ දී කටුනායක ගුවන්තොටුපල පිටවීමේ පර්යන්තය ඔස්සේ ගොස් යූ.එල් 101 දරන ගුවන් යානයෙන් අද උදේ 8.20ට ඔහු සිය පවුල සමග මාල දිවයින බලා ගොස් ඇත.
මෙම ගුවන්තොටුපල ආරක්ෂක කැමරා පද්ධතිය අක්‍රීය වීම පිළිබඳව ගුවන්තොටුපල ආරක්ෂක අංශ ද මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ගුවන්තොටුපල ආරංචි මාර්ග කියයි.