ගුවන්ගත වෙන්න හොර පී.සී.ආර් හදන කල්ලියක් අල්ලයි !

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදේශගත වීමේ දී ගුවන් තොටුපළ බලධාරීන්ට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පී.සීආර් වාර්තා ප්‍රධාන පෙළේ රෝහලක වාර්තාවකට සමාන ලෙස ව්‍යාජ ලෙස සකස් කරමින් මුදල් ඉපැයූ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත. මෙම පුද්ගලයන් කලක් තිස්සේ මෙලෙස ව්‍යාජ පී.සී.ආර් වාර්තා නිකුත් කර ඇති අතර එහිදී ප්‍රධාන පෙළේ රෝහලක වාර්තාවල පවතින QR කේතයම සූක්ෂම අයුරින් භාවිත කර එය සකසා ඇති අතර එම ව්‍යාජ වාර්තා ලබා ගත් පුද්ගලයන් ගණනාවක් එය භාවිත කරමින් විදේශගත වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මිනුවන්ගොඩ සහ ධර්ගා නගරයේ ජීවත් වන මුස්ලිම් ජාතිකයන් වන අතර ඔවුන් ජාලයක් ආකාරයෙන් මෙම වංචාව සිදු කර ඇති බවත් එක් වාර්තාවක් සඳහා රුපියල් 6000ක මුදලක් අයකරගෙන ඇති බවත් විමර්ශණවලදී හෙළි ව තිබේ. ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Exit mobile version