සියලුම ගුරු සංගම් අද දවල් 12.30 ට පමණ අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් සමග තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
මේ අවස්ථාවේ ගුරු වැටුප් විෂමතා ඉවත් කළ නොහැකි බව කැබිනට් මණ්ඩලය විසින් ඒකමතිකව තීන්දු කිරීමත් සමග ඇතිවන තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ වී ඇතැයි වාර්තා වේ.
ඊයේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ පැවසුවේ වැටුප් වැඩි කළ නොහැකි බවත් අවශ්‍යනම් ගුරවරුන්ට තම වර්ජනය පවත්වාගෙන යා හැකි බවත් ඔය ඔවුන්ගේ අයිතියක් බවත්ය.