බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුරු අධ්‍යාපනඥයෝ අද සිට වැඩ වරති…

by editor
ඔක්තෝබර් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ස්ථාපිත කිරීමට අපේක්ෂිත ගුරු විශ්විද්‍යාලය පිහිටුවීම සඳහා වූ කැබිනට් යෝජනාව ක්‍රියාත්මක  වීම වළක්වමින් දියත් වී ඇති කුමන්ත්‍රණයට  එරෙහිව සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය අද (02) සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අද (02) සිට

  • අධ්‍යාපන විද්‍යා පීඨවලට සහ ගුරු විදුහල්වලට නවක සිසුන් බඳවා ගැනීමේ රාජකාරි කටයුතුවලින් සම්පූර්ණයෙන් ඉවත් වීම,
  • දෙවන වසර ශික්ෂණලාභීන් වෙනුවෙන් සිදු කරනු ලබන මාර්ගගත ඉගැන්වීම්, මාර්ගගත ඇගයීම් සහ මාර්ගගතව සිදුකරනු ලබන විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් සම්පූර්ණයෙන් ඉවත්වීම,
  • තෙවන වසර සිසුන්ගේ ඇගයිම් ක්‍රියාවලියෙන් ඉවත් වීම ( විභාග, ලකුණු ලබා දීම, ඇගයීම් සම්බන්ධව අදාළ ආයතන සමග රාජකාරි කටයුතුවලින් ඉවත් වීම)
  • ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානවල සිදු කරනු ලබන මොඩියුල වැඩසටහන්වලින් ඉවත් වී සේවයට වාර්තා කිරීමෙන් වැලකීම,
  • ගුරු විදුහල්වල සිදුකරනු ලබන මාර්ගගත ඉගැන්වීම් සහ මාර්ගගතව සිදු කරනු ලබන ඇගයිම් සහ විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් ඉවත් වීම,
  • ඉදිරියේ දී අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරුවිදුහල් විවෘත කළ ද මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් සියලුම ගුරු අධ්‍යාපනඥයින් සේවයට වාර්තා කිරීමෙන් වැලකීම

අද සිට ක්‍රියාත්මක කරන බව  සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරයි.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය විකෘති කරමින්, අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන්ගේ සහ කථිකාචාර්යවරුන්ගේ අදහස්වලට ඇහුම්කන් නොදී, අධ්‍යාපන ගුණාත්මක භාවය එළිපිටම ව්‍යසනයට ලක් කරන  ජාතික අධ්‍යාපන ආයතනයේ බලධාරීන්ගේ අදහස් පමණක් ලබා ගෙන අවසන් මොහොතේ ගන්නට උත්සාහ කරන ඒකපාර්ශවික තීරණ අවසානයේ බලපානු ඇත්තේ ජාතියේ අනාගතයට බව ඔවුහු පෙන්වා දෙති.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

“ ගුරු විශ්විද්‍යාල පිහිටුවීම සම්බන්ධව මෙතෙක් ඇති වී තිබුණු සංවාද සහ අපේ ස්ථාවරය සම්බන්ධව දැනුම්වත් කරමින් අපි  වත්මන් අධ්‍යාපන ඇමති තුමාට ලිපි කීපයක් යොමු කළා.  ඒ වගේම සංගමයක් විදිහට   ගුරු අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන්ට  ඇමතිතුමා එක්ක සාකච්ඡාවක් ඉල්ලා සිටියා. මේ දක්වා ඒ අවස්ථාව අපට ලැබුණෙ නෑ. 2021.09.15 දා පෙ.ව.11.30ට  අධ්‍යාපන ඇමතිතුමා එක්ක මාර්ගගත සාකච්ඡාවක් කිරීමට අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන්ට අවස්ථාවක් ලබා දෙන බව කීවා. පීඨාධිපතිවරුන් පැය ගණනක් රස්තියාදු වෙමින් බලාගෙන හිටියා.  අවසානයේ දී සාකච්ඡාව අවලංගු කළා. අධ්‍යාපන ඇමති තුමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයෙ ඇමතිතුමා, ලේකම් උපාලි සේදර ඇතුළු කණ්ඩායමක් එක්ක සාකච්ඡා කළාලු.“

“අධ්‍යාපන ඇමතිවරු දෙදෙනෙක් එක්ක මෙතෙක් ගොඩනගාගෙන පැමිණ අවබෝධාත්මක සංවාදය මේ ඇමතිවරයා  සමග කරගෙන යන්න අපට බැරි වෙලා තියනවා. අපි මේ ඉල්ලා සිටින්නෙ ඉතාම වැදගත් ජාතික තීන්දුවක් පුද්ගලයෙකුගේ විකෘති අභිමතාර්ථ මත ගන්න එපා කියන කාරණාව.“

“අපි මේ රජයෙන් ඉල්ලා සිටින්නේ කිසිම ගුණාත්මකභාවයක් නැති ජාතික අධ්‍යාපන ආයතනයට විශ්විද්‍යාල තත්වය පිරිනමා අධ්‍යාපන විද්‍යාපීඨ ඊට අනුයුක්ත කිරීමෙන් ජාතික අධ්‍යාපනය අවතක්සේරු නොකර අධ්‍යාපන විද්‍යාපීඨ 19 එක්කර විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ගුරු විශ්විද්‍යාලයක් ගොඩ නගන ලෙසයි. ඒක තමයි කැබිනට් මන්ඩලයෙනුත් යෝජනා වුනේ. ඒ යෝජනාවට තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් උපාලි සේදර දිගින් දිගටම විරුද්ධ වෙන්නෙ .“

“රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කැබිනට් එකටත් උඩින් ගිහින් මේ විදිහට හැසිරෙන්නේ 2020.12.14 දා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවෙන් විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ගුරු විශ්වවිද්‍යාලයක් පිහිටවන බව ලිඛිතව දන්වා තිබිය දීයි. “

“මේ කුමන්ත්‍රණයට එරෙහිව අපි ඉතා දීර්ඝ කාලයක් සහේතුකව කරුණු දක්වමින් විරෝධතාවය පල කළා. දැන් එහි අවසන් අදියර. අපි අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුනා. ඉදිරියේ දී මේ සම්බන්ධව අපි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සියලු කුමන්ත්‍රණ රට හමුවේ හෙළි කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලය අසල නිහඬ විරෝධතාවයක් පවත්වනවා. එක් එක් අධ්‍යාපන විද්‍යාපීඨ කේන්ද්‍ර කරගනිමින් පළාත් වශයෙන් ශික්ෂණලාභීන්ගේ දෙමවුපියන් සහ සිවිල් සංවිධාන සම්බන්ධ කරගනිමින් විරෝධතා පවත්වනවා. අවසානයේ දී අපි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරියේ උපවාසයක් කරනවා. “

“ අපි ඉල්ලන්නෙ එක දෙයයි. මේ පුද්ගලයෙකුගේ අභිමතාර්ථ උඩ රටක උසස් අධ්‍යාපනය හසුරුවන්න දෙන්න එපා. මේ රටේ කැබිනට් මණ්ඩලය විසින් ලිඛිතව ලබා දුන්න නිර්දේශය ක්‍රියාත්මක කරන්න.“

සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොරෝනාවට ඇමරිකාවෙන් බෙහෙත් පෙත්තක් !

Next Post

 අත්තනගල්ලේ දී දෙමළ තරුණයන් අත්අඩංගුවට පත්වීම ‘‘වෙන ගේමක්‘‘ දැයි සැකයක්

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.