පාසල් හැකි ඉක්මනින් ආරම්භ කිරීමේ පරමාර්ථය පෙරදැරි ව මේ වනවිට දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක වන ගුරුවරුන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩල එන්නතරකරණ වැඩසටහන අද උදෑසන (2021/07/26) වනවිට 77%ක් පමණ අවසන්කර ඇති බව අධ්‍යාපන ඇමතිවරයා කීවේය.
ඒ අනුව බස්නාහිර පළාතේ 98%ක්, දකුණු පළාතේ 83%ක්, වයඹ පළාතේ 82%ක්, උතුරු මැද පළාතේ 82%ක්, ඌව පළාතේ 80%ක්, මධ්‍යම පළාතේ 79%ක්, උතුරු පළාතේ 62%ක්, සබරගමු පළාතේ 52%ක් සහ නැගෙනහිර පළාතේ 48%ක් වශයෙන් එම එන්නත්කරණය අවසන්කොට ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
අද උදෑසන වනවිට මෙම වැඩසටහන යටතේ 2 22 940ක ප්‍රමාණයක් එන්නත් ලබා දී තිබේ. එන්නත්වල දෙවන මාත්‍රාව අගොස්තු අවසානයට පෙර ලබාදීමට ද අපේක්ෂිත ය.
ඒ අනුව අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මස මුල කිසියම් සැලැස්මකට අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත් ව පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීමට අපේක්ෂිත ය.