බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුරුගොඩ ඔයේ සැකකාර  ඝාතකයා ඉහළම හමුදා ප්‍රධානියෙකුගේ ආරක්ෂක කමාන්ඩෝ සෙබලෙක්…!

by editor
මාර්තු 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගියදා හොරණ ගුරුගොඩ ඔයේ යතුරු පැදියක ගැටගසා ගිල්වා මරා දමා තිබූ සඳරුවන් හල්ප ලියනගේ නැමැති කමාන්ඩෝ බලකායේ හිටපු සෙබලා ඝාතනය කිරීමට සැක පිට හමුදාවේ ඉහළම ප්‍රධානියෙකුගේ  පුද්ගලික  ආරක්ෂක අංශයේ කමාන්ඩෝ සෙබලෙක්  හා ඔහුගේ සගයෙක් වූ විශ්‍රාමික කමාන්ඩෝ සෙබලෙක් පොලිසිය විසින් අද (05) අත් අඩංගුවට ගත්තේය.

ගණේමුල්ල කමාන්ඩෝ කඳවුරේ සිට රාජකාරි වෙලාවේ  රාත්‍රියේ දී යතුරු පැදයකින් සිය සගයාත් සමග පැමිණ මෙම  ඝාතනය සිදුකර මළ සිරුර යතුරු පැදියෙහි ගැට ගසා ගුරුගොඩ ඔයේ ගිල්වා දමා ඝාතකයා යළි රාජකාරියට වාර්තා කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි දරවු වී තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

හොරණ ගුරුගොඩ දඹර ප්‍රදේශයේ මෑවක් ඔයේ තිබී යතුරුපැදියක ගැටගැසූ පුද්ගල සිරුරක ඇටසැකිල්ලක් පසුගිය (11) සවස හමුවූයේය. කේබල් කම්බියකින් මල සිරුරේ පාද යතුරුපැදියේ ගැටගසා  යතුරු පැදිය සමග   දියේ ගිල්වා තිබිණි.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ඔයේ ජල මට්ටම ඉහළ ගිය වකවානුවේ    රොන්මඩ අතර ඇති යතුරු පැදිය   දුටු පුද්ගලයෙක් ඒ ගැන සොයා බලන විට දියවී ඇටසැකිල්ල පමණක් ඉතිරිව තිබූ සිරුර හා යතුරුපැදිය හමු වූයේය. පොලිස් පරීක්ෂණ ආරම්භ වූයේ එතැන් සිටය.

පරීක්ෂණ ආරම්භය

යතුරුපැදියේ අංක තහඩුවක් නොතිබිණි. චැසි අංකය ඔස්සේ පරීක්ෂණය කරන විට එය පොලොන්නරුවේ පුද්ගලයෙක් සතුව තිබූ එකක් බවත් පසුව එය විකුණා ඇති බවත් හෙළි විය. අනතුරුව පොලිසිය චැසි අංකය ඔස්සේ  රක්ෂණ සමාගම් පරීක්ෂා කළේය. ඒ ඔස්සේ යතුරුපැදිය මිලදී ගත් අයගේ නම සහ ලිපිනය පොලිසිය සොයා ගත්තේය.

ඒ තොරතුරු ඔස්සේ  යතුරුපැදිය හිමිකරුගේ නිවසට ගිය විට ඔහුගේ බිරිය කීවේ තම සැමිය හොරණ ප්‍රදේශයේ යහළුවෙකුගේ නිවසට යන බව කියා මින් මසකට පෙර පිටත් වූ නමුත් මේ වනතුරු නැවත පැමිණියේ නැති බවය.

ඒ සම්බන්ධව වැල්ලම්පිටිය පොලිසියට අවස්ථා කීපයක දී පැමිණිලි කරන්නට ගියත් පොලිසිය පැමිණිල්ල ලියාගෙන තිබුණේ නැත.

ඝාතකයන් හඹා යෑම

කොහිලවත්ත හල්ප ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සඳරුවන් හල්ප ලියනගේ නැමැති මෙම පුද්ගලයාගේ ඝාතකයන් ගැන පොලිසිය  වැඩිදුර තොරතුරු විමර්ශනය ආරම්භ කළේය.

මේ තැනැත්තා කමාන්ඩෝ බලකායෙන් ඉවත් වූ පසු මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක් කරගෙන ගොස් තිබුණු අතර වැඩිදුර විමර්ශනවලදී දැනගන්නට ලැබුණේ ඔහු පාතාල කුලී ඝාතකයෙක් ලෙසත් යම් යම් අවස්ථාවල කටයුතු කර ඇති බවය.

මේ තැනැත්තා යම් අපරාධකටයුත්තකට සම්බන්ධ වූ විට දින ගණනක් හොරණ පිහිටි සිය මිත්‍ර කමාන්ඩෝ බලකායේ සෙබලෙකුගේ නිවසක නැවතී සිටියේය.  මෙම  නිවසට යාබදව වෙනම කොටසක් තිබුණු අතර මෙම පුද්ගලයා දින ගණන් මේ ස්ථානයේ රැඳී සිටිය බව විමරශනවලදී  දැනගන්නට ලැබිණි.

යතුරුපැදිය හමු වූ අයුරු…

සිද්ධිය වූ පසුගිය 11දාත්   මරණ තර්ජනයක් බව කියමින් මෙම පුද්ගලයා හොරණ පිහිටි සිය කමාන්ඩෝ මිතුරාගේ නිවසට ගොස් තිබිණි.  සිද්ධිය සම්බන්ධව විද්‍යාත්මක පරීක්ෂණ හා දුරකථන ජාල පරීක්ෂණ හරහා ඒ බව තහවුරු කරගත් පොලිස් විමර්ශන කණ්ඩායම් හෙළි කරගත්තේ සඳරුවන් නැමැත්තා විටින් විට සැඟව සිටිනා නිවස අයත් වන්නේ    ලංකාවේ ඉහළම හමුදා ප්‍රධානියෙකුගේ පුද්ගලික ආරක්ෂක සෙබල මුළුවේ සේවය කරන කමාන්ඩෝ භටයෙකුට බවය.

කමාන්ඩෝ සෙබලා අත්අඩංගුවට ගැනීම

සිද්ධිය සම්බන්ධ පූර්ණ විමර්ශනකින් අනතුරුව මෙම සෙබලා අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය. එහිදී හෙළිදරවු වන්නේ මෙම සෙබලාගේ බිරියට සඳරුවන් නැමැත්තා අනියම් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට යෝජනා කර ඇති බවය. බිරිය ඒ ගැන සෙබලාට කියා තිබිණි. තමන්ගේ නිවසේ ජීවිත ආරක්ෂාවට රැඳෙමින් සිටි තමන්ගේ මිතුරා තම බිරියට මේ කළ අයුතු යෝජනාව සම්බන්ධව කමාන්ඩෝ සෙබලා සිට ඇත්තේ පිළි ගැනීමේ අවස්ථාවක් සොයමිනි.

මිය ගිය සඳරුවන් නැමැත්තා සිය මිත්‍ර කමාන්ඩෝ සෙබලාගේ  නිවසට පැමිණෙන්ට විමසන්නේ  මේ අතරය. ඒ වනවිට මෙම කමාන්ඩෝ සෙබලා සිටින්නේ ගණේමුල්ල කමාන්ඩෝ කඳවුරේ රාජකාරි කරමිනි. සඳරුවන්ට  නිවසට පැමිණෙන ලෙස කියන ඔහු  රාජකාරි වෙලාවේදීම යතුරුපැදිය නැගී    සේදවත්ත ප්‍රදේශයේ සිටින  හමුදාව හැර ගිය මිතුරෙකු ද සමග   නිවසට පැමිණ ඇත. එන අතර තුර බියර් කෑන් 04ක් ද රැගෙන නිවසට ගිය මේ දෙදෙනා නිවසට පැමිණ සිටි සඳරුවන් නැමති පුද්ගලයා සමග එක්ව එය පානය කර ඔහුව නිවසට යාබද කාමරයට රැගෙන ගොස් මැරෙන තුරු පහර දී ඇතැයි හෙළි වී තිබේ.

එසේ පහර දී සඳරුවන් නැමැත්තා මරා දැමූ පසු මෙම කමාන්ඩෝ සෙබලා සහ මිතුරා යතුරුපැදියේම මිනිය බැඳගෙන එය පදවාගෙන ගොස් ගුරුගොඩ ඔයට අතහැර යළිත් රාත්‍රියේම යතුරුපැදියෙන් පැමිණ සේවයට වාර්තා කර තිබේ.

පොලිසිය විසින් සේදවත්ත ප්‍රදේශයේ ජීවත්වන, මෙම ඝාතනයට සම්බන්ධ වූ  හමුදා සෙබලාගේ මිත්‍රයා ද  අද අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත් අද අත් අඩංගුවට ගත් සෙබලා අත් අඩංගුවට ගැනීමට දින 03කට පෙර ප්‍රධානතම හමුදා නිලධාරියා විසින් සිය පුද්ගලික ආරක්ෂක ඛණ්ඩයෙන් ඉවත් කර කඳවුරට යවා ඇති බව පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි..

 

 

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ඉවතට…. නව ලේකම් සුනේත්‍රා ගුණවර්ධන වැඩ භාරගනී…

Next Post

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 273කට නඩු!

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.