සූරියවැව නුවන් ජයසේකර –
හම්බන්තොට පන්වැව විශේෂ කාර්ය බළකා නිළධාරින් විසින් මත්තල අධිවේගි පිවිසුම තුළදි සිදුකළ විශේෂ වාහන පරීක්ෂාවකදී විදේශ රටක නිශ්පාදිත short gun වර්ගයේ ගිනි අවියක ක්‍රියාකාරී කොටස් කිහිපයක් හා වියළි ගංජා ග්‍රෑම් 130ක් සමග පුද්ගලයෙක් ඔහු ගමන් කළ වෑන් රථයත් සගම අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුගම්වෙහෙර වීරවිල් ආර පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.
වාහන පරීක්ෂාවේදී සැකකරුගේ වාහනයේ සඟවා තිබූ short gun වර්ගයේ ගිනි අවියක ක්‍රියාකාරී කොටස හා ඊට යොදන යකඩ බැරලය සමග වියලි ගංජා ග්‍රෑම් 130ක් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදී අනාවරණය වු තොරතුරු මත ලුණුගම්වෙහෙර වීරවිල් ආර පිහිටි සැකකරුගේ නිවසද විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් පරික්ෂා කර තිබේ. එහිදී සැකකරුගේ නිවසේ තිබී වියළි ගංජා ඇට කිලෝ 02යි ග්‍රෑම් 70ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා මත්තල පොලිස් ස්ථානයට බාර දී ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ සැකකරුට එරෙහිව පහරදී තුවාල සිදුකිරීම්, වැලි ජාවාරම් කිරීම්, ගංජා ජාවාරම් කිරීම් ඇතුළු විවිධ චෝදනා සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයේ පැමිණිලි 11ක්, තිස්සමහාරාම පොලිස් ස්ථානයේ එක් පැමිණිල්ලක් හා තණමල්විල පොලිස් ස්ථානයේ එක් පැමිණිල්ලක්ද ඇති බවයි.
සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. මත්තල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







