ගෑස්වල අඩු කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගනිමින් සිටින බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (08) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් කළ චෝදනාවකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පැවසුවේය.
“කිසිවෙකු මේ ගැන කලබල විය යුතු නෑ… කවුරුන් හෝ පනතට විරුද්ධව කටයුතු කර ඇත්නම් නඩු පැවරීමේ වගකීම මා බාර ගන්නවා. ඔබතුමාලා එදා කළා වගේ අපි නඩු පටලවන්නේ නෑ.අපි නඩු දාන්නෙ නීතියට අනුවයි” යැයිද වෙළෙඳ ඇමැතිවරයා කීය.
ගෑස් වෙනස් ආකාරයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය මැදිහත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.