කීර්ති ප්‍රනාන්දු –
මේ වනවිට රටපුරා අලෙවිකරන ගෑස් ප්‍රමිතියෙන් තොර බවත්, ඒවායේ නියමිත තාප ධාරිතාවක් නොමැති බවත් පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
පාරිභෝගික සේවා අධිකාරිය මගින් වෙළෙඳපොලෙන් ලබාගෙන ඇති ගෑස් සාම්පල විශාල ප්‍රමාණයක් දැඩි පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු මේ පිළිබඳව අනාවරණය කරගත්බව ද පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
“ අපි ගෑස් සාම්පල විශාල ප්‍රමාණයක් රටේ විවිධ ප්‍රදේශවලින් වෙළෙඳපලේ අලෙවියට ඇති ගෑස්වලින් ගත්තා. ඒ සාම්පල පරීක්ෂා කිරීමේ දී අපට අනාවරණය වුනා ගෑස්වල නියමිත තාප ධාරිතාව නෑ කියලා. අපි වෙළෙඳපලෙන් ලබාගෙන පරීක්ෂාකරපු ගෑස් සාම්පල පරීක්ෂා කිරීමේ දී අපට අනාවරණය කරගන්න හැකි වුනා ගෑස්වල නියමිත තාප ධාරිතාව නෑ කියලා. අපි වෙළෙඳපලෙන් ලබාගෙන පරීක්ෂා කරපු ගෑස් සාම්පලවල බියුටේන් සහ ප්‍රොපේන් ප්‍රමාණය තිබිය යුතු ප්‍රමාණයට නෑ. මේ ගැන අපි ගෑස් සමාගම් දැනුවත් කරලා තියනවා…