ආණ්ඩුවට මනුස්සකමක නාමයක්වත් නැති බවත්,එහෙම සංවේදීකමක් තිබෙනවානම් මෙලෙස අසංවේදී ලෙස නොහැසිරෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ගෑස් පිපිරීම්වලින් ජීවිත හානි සහ වින්දිතයින් බවට පත්වූ පිරිස් අද(18)විපක්ෂ නායකවරයා මුණගැසුනු අවස්ථාවේදී ය.
අදාල පිපිරීම්වලින් මියගිය සහ විපතට පත් වූවන්ගේ පවුල් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් ද විපක්ෂ නායකවරයා විසින් සිදුකරනු ලැබීය.
රට පුරා සිදුවී ඇති ගෑස් පිපිරීම් හේතුවෙන් ජීවිත රැසක් අහිමිවී ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල වී ඇති බවත් ඒ මහතා පැවසීය.
ගෑස් පුපුරන මට්ටමට රට පත්කළ සියලු වගකිවයුත්තන් ඉල්ලා අස්විය යුතු බවද හෙතෙම පැවසීය.
අදාල ගෑස් පිපිරීමෙන් හානි වූ සියලු දෙනා වෙනුවෙන් සමගි ජනබලවේගයේ නීතිඥ සහය නොමිලේ ලබාදෙන බවද,අනාගත සමගි ජනබලවේගයේ රජයක් යටතේ පාරිභෝගික අයිතීන් රකින නීති ගෙනෙන බවද, ඒ මහතා පැවසීය.