අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගැසට් එකේ මිලට සහල් දෙන්න බෑ… ලබන සතියේ සහල් නිශ්පාදනයෙන් ඉවත් වෙනවා… ශ්‍රී ලංකා සහල් නිශ්පාදකයින්ගේ සංගමය!

රජය කියන මිලට සහල් දෙන්න වෙන්නෙ කිලෝ එකකින් රුපියල් 06ක් ශුද්ධ ලෙස පාඩු ලබලා.....

by editor
සැප්තැම්බර් 26, 2021
in පුවත්
සහල් නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම

සහල් නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම

Share on FacebookShare on Twitter

මනම්පිටිය – නිමල් ජයරත්න-

  • ලංකාවෙ සුලු හා මධ්‍ය පරිමාණ මෝල් 1000ක් තිබුණා. මේ ගැසට් නිවේදනයෙන් පස්සේ මොල් 750ක් වැහිලා ගියා…

  • සියයට 55ක් වී තොග අලෙවි නොකර ගොවීන් ලඟ…

  • ආණ්ඩුව ගැසට් ගහලා හදිසි නීතිය දාගෙන පනවා ඇති පාලන මිල නිසා හාල් කිලෝවකින් නිශ්පාදකයාට රුපියල් 6ක් ශුද්ධ ලෙස පාඩුයි…

  • සාධාරණ මිල නැති නිසා ගොවීන් වී තොග සන්තකයේ තබාගෙන… ආණ්ඩුවෙ ගබඩාවල දවසකටවත් සහල් නෑ… වී තොග තියෙන්නේ පුද්ගලික වෙළෙන්දන් සහ ගොවීන් ලඟ

  • රට ඇරිය ගමන් විශාල සහල් හිඟයක් ඇති වේවි. සාකච්ඡා කරලා මේ ගැටලුව විසඳගනිමු… ගැසට් එක සංශෝධනය කරන්න.. අපිට සාධාරණ මිලක් දෙන්න…

තමන් නිශ්පාදනය කරනු ලබන සහල් සඳහා රජයෙන්  ඉල්ලා සිටින සහතික මිළ ලබා නුදුනහොත් ලබන සතියේ සිට සහල් නිශ්පාදනයෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා සහල් නිශ්පාදකයින්ගේ සංගමය පවසයි.

පොලොන්නරුව ගිරිතලේ අග්බෝ හෝටලයේ දී අද (26) සවස 2ට  පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා සහල් නිශ්පාදකයින්ගේ සංගමය මේ බව නිවේදනය කළේය.

මාධ්‍ය හමුව අමතමින්  ශ්‍රී ලංකා සහල් නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම මෙසේ පැවසීය.

“නාඩු සහල් කිලෝවකට රුපියල් 110ක් ද සම්බා සහල් කිලෝවකට රුපියල් 130ක් ද කීරී සම්බා කිලෝවකට රුපියල් 160ක් ද ලබා දෙන ලෙස  මීට පෙර ජීවන වියදම් පිළිබඳ කමිටුවට  සංගමයක් ලෙස අප ලිඛිතව දන්වා සිටියා.  එහෙත් ඔවුන් අපට ඇහුම්කන් දෙන්නෙම නෑ,. අපි මේ ඉල්ලීම කළේ නිශ්පාදකයා සහ පාරිභෝගිකයා දෙදෙනාම ආරක්ෂා කරන සාධාරණ ආකාරයට.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ කියනන කණගාටුයි.  වත්මන් රජය බලයට පත් වීමෙන් පසු සහල් නිශ්පාදකයන් ඉලක්ක කරගෙන නිකුත් කළ ගැසට් නිවේදනය   නිසා    ශ්‍රී ලංකාවේ සහල් නිශ්පාදනය කරන මොල් 1000 න්   750ක්  පමණ මේ වනවිට වැසිලා තියනවා. “

“ලංකාවේ වී නිශ්පාදනය කරන පළාත්වල   ගොවීන් ගේ   අස්වැන්නෙන් මෙවර 55%ක්  පමණ අලෙවි නොකර ගොවීන් සන්තකයේ තබාගෙන ඉන්නවා.  ඔවුන් එහෙම කරන්නේ රජය ගොවියාට සහ කුඩා හා මධ්‍ය පරිමාණ වී සහ සහල් මෝල් හිමිකරුවන්ට   පැනවූ ගැසට් නිවේදනය නිසා.  හදිසි නීතිය යටතේ පාරිභෝගික සේවා අධිකාරිය ක්‍රියා කරන අත්තනෝමතික පිළිවෙතට තමයි මේ මිනිස්සු උත්තර දෙන්නෙ.“

“මේ වනවිටත් සහල් පාරිභෝගිකයින්ට නියමිත පරිදි සහල් ලැබෙන්නෙ නෑ.   ඉදිරියේ දී රට තුළ උග්‍ර සහල් හිඟයක් ඇතිවන්න පුලුවන්.   ඊට පෙර හැකි ඉක්මනින් අපට රජය සමග සාකච්ඡාවක්  ලබා දෙන්න.  ඇතිවෙලා තියන ගැටලුව විසඳන  ලෙස    සංගමයක් ලෙස අපි  රජයෙන් ඉල්ලා සිටිනවා. “   ශ්‍රී ලංකා සහල් නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම  කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සහල් නිශ්පාදකයින්ගේ සංගමයේ  ලේකම් මුදිත් පෙරේරා පැවසුවේ රටේ වී සංචිත තිබිය දී ආණ්ඩුවට එය කළමනාකරණය කරගත නොහැකි බවය.

“ ලංකාවේ දිනකට සහල් පරිභෝජනය කිලෝ ලක්ෂ 50 -60ක් වෙනවා. මේ සහල් නිශ්පාදනය කරන්න දිනකට වී කිලෝ කෝටියක් පමණ  යෙදවිය යුතුයි. තවත් මාස පහකට වී තොග ලංකාවෙ තියනවා. “

“ ඒත් රජය සතුව ඇත්තේ තවත් සහල් තොග ලක්ෂ පනහක් පමණයි.  එය දිනකටවත් ප්‍රමාණවත් නෑ. වී සහල් තොග පවතින්නේ පුද්ලික වෙළෙඳුන් සහ ගොවීන් අතයි. රජය මේ පනවා තිබෙන ගැසට් නිවේදනය නිසා සහල් කිලෝවකින්  නිශ්පාදකයාට සිදුවන ශුද්ධ පාඩුව රුපියල් 06ක්. මේ තත්වය ගැන සාධාරණව කල්පනා කරලා බලන්න කියලා අපි රජයෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. අපි ඉල්ලන්නෙ මේ ගැසට් නිවේදනය සංශෝධනය කරන්න. සාධාරණ මිලක් දී නිශ්පාදකයා සහ පාරිභෝගිකයා යන දෙපාර්ශවයම ආරක්ෂා කරගන්න. “

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවේ කොවිඩ් ඩෙල්ටාවට නමක් ලැබේ…

Next Post

කෙළිදෙළින් නිරෝධායන වන රුසියානු ජනපති පුටින්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.