පසුගිය 11 දා මඩකලපුව පොලීසියත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් නාවික හමුදාවත් ඒකාබද්ධව ගැඹුරු මුහුදේදී කළ වැටලීමකින් මෙරටට රැගෙන එමින් තිබියදී හෙරෙයින් කිලෝ 1550 කට වැඩි ප්‍රමාණයක් අල්ලා ගත් මෙහෙයුමට සම්බන්ධ පොලිස් නිලධාරියෙක් කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ ජාතික රෝහලේ දී ඊයේ (13) මිය ගියේය.
මෙසේ මරණයට පත්වී ඇත්තේ මඩකලපුව පොලිසියේ සේවය කළ පොලිස් සැරයන් 44862 ඩී.ඩී. එම්. පී ජයසේන නමැති පොලිස් සැරයන්වරයා ය.
මඩකලපුව පොලිසියේ නිලධාරියෙකුට ලද තොරතුරක් අනුව මෙම වැටලීම කරනු ලබන්නේ පසුගිය 11 දා අලුයමය. කුඩු කිලෝ 1500ක් සමග ඉරාණ ජාතිකයන් 09ක් ද මේ මෙහෙයුමේ දී අත්අඩංගුවට ගැනුණි.
මඩකලපුව පොලිසියේ නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් සමග එක්ව මෙම නිලධාරියා නැගෙනහිර ප්‍රදේශයේ ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය වැටලීම් රාජකාරි කරමින් සිටින අතරතුර හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ගොඩබිමට රැගෙන විත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබේ.
හදිසි අසනීප තත්වය නිසා වහාම වෙනත් යාත්‍රාවකින් ඔහුව ගොඩබිමට රැගෙන එන්නට මෙහෙයුම් කණ්ඩායම කටයුතු කර ඇත. ඒ මෙහෙයුම දියත් වූ පසුගිය 11 දා ය.
ගොඩබිමට පැමිණ සිදුකරන ලද පරීක්ෂණවලදී මෙම නිලධාරියාට කොවිඩ් වැළඳී ඇති බවට හඳුනා ගැනීමෙන් පසු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (13) මරණයට පත්වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මිය යන විට 36 හැවිරිදි වියේ පසුවූ ඩී.ඩී.එම්.පී ජයසේන පොලිස් සැරයන්වරයා වැලිමඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.
මෙම නිලධාරියා ද සමඟ මේ වෙනවිට පොලිස් දෙපාර්තමේන්තුවේ කොවිඩ් ආසාදිත ව මරණයට පත්වූ පොලිස් සාමාජිකයින් සංඛ්‍යාව 35 කි .
මේ වනවිට එම මත්ද්‍රව්‍ය මෙහෙයුමට සම්බන්ධ වූ මුලු මෙහෙයුම් කණ්ඩායමම කොවිඩ් පළමුපෙළ ආශ්‍රිතයන් බවට පත් වී තිබේ.