ගාලු මුවදොර උද්ඝෝෂණ පරිශ්‍රයේ ඉදිකර ඇති 4 G සන්නිවේදන කුළුණ තමන් ඉදිකළ බවත් මේ වනවිට එම ප්‍ර දේශයේ දුරකථන සංඥා අවහිරතාව පිළිබඳව පාරිභෝගිකයන්ගෙන් ලද පැමිණිලි මත ඉදි කළ එකක් බව ඩයලොග් සමාගම පවසයි.
අඩි 20ක මෙම සන්නිවේදන ස්ථම්භය සඳහා මේ වනවිට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවසරය ඉල්ලා ඇති බවත් අදාල අවසරය ලැබුණු පසුව එය ක්‍රියාත්මක කරන බවත් ඩයලොග් ආයතනය කියයි.
ඔවුන් මේ බව පවසන්නේ මේ සම්බන්ධයෙන් මේ වනවිට පවතින විවිධ මතවාදවලට ප්‍රතිචාර දක්වමිනි.
එම සමාගම තවදුරටත් සඳහන් කරන්නේ එය තනිකරම දුරකතන ග්‍රාහකයන්ගේ ජාල අවහිර වීම් සම්බන්ධයෙන් සිදු කෙරුණු පැමිණිලි මතම ක්‍රියාත්මක කළ කටයුත්තක් බවය.