ලලිත් චාමින්ද –
ගාල්ල මහමෝදර හා බලපිටිය යන රෝහල්වල පිහිටි ලිංගාශ්‍රිත බෝවන රෝග ඒකක මගින් සිදුකරණු ලැබු පරික්ෂණවලදි මෙම වර්ෂයේ මේ දක්වා කාලය තුළ එච්.අයි.වි. (ඒඩ්ස්) රෝගින් 33 දෙනෙකු හමුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි පවසයි.
ගාල්ල මහමෝදර රෝහලේ පිහිටි ලිංගාශ්‍රිත බෝවන රෝග ඒකකය මගින් සිදුකළ පරික්ෂණවලදී එච්.අයි. වී.රෝගින් 30 දෙනෙකු සහ බලපිටිය ලිංගාශ්‍රිත බෝවන රෝග ඒකකය මගින් සිදුකරනු ලැබු පරික්ෂණවලදී එච්.අයි.වී රෝගීන් 03නෙකු හමුවී ඇති බවද හෙතෙම පවසයි.
ඉකුත් වර්ෂයට වඩා මෙම වර්ෂයේ දී එච්.අයි.වී. රෝගින්ගේ වැඩිවිමක් දක්නට ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පෙන්වා දෙයි.
එමෙන්ම මෙකී වර්ෂයේ මේ දක්වා කාලය තුළ දී ක්ෂය රෝගින් 296, හා ලාදුරු රෝගින් 51 දෙනෙකු වාර්තා වි ඇති බවද වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේය.