බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල්කිස්සෙ උසාවියෙ වෙඩි තිබ්බෙ හරක්කටාගේ කුලී වෙඩික්කරුවෙක් !

විමර්ශන අංශ තොරතුරු හෙළිකරගනී....

by editor
අගෝස්තු 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගල්කිස්ස උසාවියේ  විත්ති කූඩුවේ සිටි චූදිතයෙකුට අධිකරණ භූමියේ දී වෙඩි තබා පලා යන්නේ දැනට ඩුබායිහි සැඟවී සිටින නදුන් චින්තක නොහොත් හරක්කටා නැමැති පාතාල අපරාධකරුගේ ගෝලයෙක් බව මේ වනවිට විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලැබී තිබේ.

ඉලක්ක වූ පුද්ගලයා හරක්කටා සමග එකට මත්කුඩු ජාලයේ රැඳී සිටිමින් විශේෂ කාර්ය බලකායට ඔත්තු සපයා ඔහුගේ මත්කුඩු හසුකරදීමේ සිද්ධියක් හරක්කටා විසින් හෙළි කරගෙන තිබේ.

ඒ සමගම මෙම පුද්ගලයා ඝාතනයට අවස්ථා ගණනාවක දී හරක්කටා   සිය වෙඩික්කරුවන් යොදවා තිබේ.  එබැවින් ඔහු සැඟවී සිට ඇත.

එහෙත් වර්ෂ 2017 සිට මේ පුද්ගලයාට එරෙහිව නඩුවක් ගල්කිස්ස අධිකරණයේ විභාග වෙමින් තිබේ. ඒ රුපියල් 48500ක මුදල් වංචාවක් සම්බන්ධයෙනි.

රණවිරු සේවා අධිකාරිය මගින් පැවැත්වූ ලොතරැයි දිනුම් ඇදීමකින් ත්‍රිරෝද රථයක් දිනා ඇති බවකියා එම මුදල වංචා කළ බවට වැල්ලවත්ත පොලිසිය මගින් එම නඩුව ගොනු කර තිබිණි.   මෙම නඩුව අද ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් කෝසල සේනාධීර ඉදිරියේ විභාගයට ගැනුනේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එම නඩුවට පෙනී සිටීමට සැඟවී සිට පැමිණෙන මෙම තැනැත්තාට සිය ඔත්තු කරුවෙක් සේ සලකා නිල නොවන මට්ටමින් විශේෂ ආරක්ෂාවක් සැපයීමට විශේෂ කාර්ය බලකාය කටයුතු කර තිබිණි.

මෙම තැනැත්තා උසාවිය තුළට ගිය අවස්ථාවේ දී ආයුධ සහිතව උසාවි භූමියට ඇතුළු විය නොහැකි නිසා විශේෂ කාර්ය  බලකායේ පිරිස උසාවි භූමියෙන් පිටත රැඳී සිට ඇත.

එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන උසාවිය තුළ දී ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමට ඝාතකයෙක් යෙදවීමට  හරක්කටා විසින් කටයුතු කර ඇතැයි වාර්තාවේ.

අද දහවල් 1.45ට පමණ නඩුව විභාගයට ගැනුණු අවස්ථාවේ දී  අධිකරණ ශාලාව මැදට පැමිණ  සිදුකළ මෙම වෙඩි තැබීමෙන්  ඉලක්කගත පුද්ගලයාගේ හිසට ඉහළින් උණ්ඩය ගමන් කර බිත්තියේ වැදී ඇත. මේ අවස්ථාවේ දී විත්ති කූඩුවේ පුද්ගලයින් දෙදෙනෙක් සිට ඇත.

මෙම වෙඩි තැබීමෙ ඉලක්කය යළිත් වැරදී ගිය අතර ඝාතකයා පලා ගියේය. එම අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂාවටත් උසාවි භූමියේ ආරක්ෂාවටත් පොලිස් නිලධාරීන් 20කට වැඩි පිරිසක් අධිකරණ භූමියේ සිට ඇත.

වෙඩි තබා  පලා යනවිට ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට ද වෙඩික්කරුවා  වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

උසාවියේ කටයුතු සුළු වෙලාවකට නැවතී තිබිණි.   සිද්ධිය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

වෙඩි තැබීමේ සිද්ධිය දෙරණ රූපවාහිනිය වාර්තා කළ ආකාරය –

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් නියෝගයට අනුව හෙට අරගල භූමියෙන් ඉවත් වෙන්නෙ නෑ – අරගලකරුවෝ කියති!

Next Post

කොටිකාවත්ත පොහොට්ටු මන්ත්‍රී ඝාතන කොන්ත්‍රාත්තුව ගැන තොරතුරු හෙළි වේ!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.