අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල්කටස් එක්ක සමග අත්අඩංගුවට ගත් හරක්කටාගේ “ප්‍රධාන ඝාතකයා“ ගැන කතාවක්!

ප්‍රධාන සිද්ධි 09 ටම සම්බන්ධ නැති ප්‍රධාන ඝාතකයා....

by editor
අගෝස්තු 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඩුබායි පදිංචිව සිට අත්අඩංගුවට පත්වූ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කරුවකු  හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටාගෙ ප්‍රධානම වෙඩික්කරුවෙක් බව කියමින් විශේෂ කාර්ය බලකාය විසින් ගල්කටස් තුවක්කුවක් සහ ජීව උණ්ඩ තුනක් සමග අත්අඩංගුවට ගත් කදිරා නැමැති පුද්ගලයා හරක්කටා සිදුකළ කුලී ඝාතන 08ට සම්බන්ධ වෙඩි තැබීම් 09කින් එක් සිද්ධියක් සඳහාවත් සම්බන්ධ බව මෙතෙක් හෙළි දරව් වී නැති බව විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.  

පසුගිය මැයි මස 30 දා සිට මේ දක්වා නාඳුනන තුවක්කු කරුවන් විසින් පුද්ගල ඝාතන 23ක් සිදුකර තිබිණි. ඝාතන උත්සාහයන් 03ක් සිදු වූ බව වාර්තා විය.

මේ ඝාතන දාමයේ හරක්කටා විසින් මෙහෙයවන ලද බවට හඳුනාගෙන ඇත්තේ ඝාතන අටකි. ඔහුගේ මෙහෙයවීම යටතේ  වෙඩි තැබීම් 09ක් සිදුකළේ යැයි හඳුනාගෙන ඇත. ඒ පසුගිය දා ගල්කිස්ස උසාවි භූමියේ සිදුකළ වෙඩි තැබීම ද ඇතුළුවය. එහිදී ජීවිත හානියක් හෝ තුවාල සිදුවීමක් වාර්තා වන්නේ නැත.

මාකිලංගමුව සංජීවගේ වෙඩික්කරුවෙක් යොදා බැස්ටියන් මාවතේ සිදුවන ඉලක්කය වැරදී ගිය ඝාතනය ඉන් ප්‍රධානය. ඒ ඝාතකයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී බෙම්මුල්ලේ දී වෙඩි කා මළේය.

හරක් කටාගේ කුඩු ඇල්ලීම සඳහා ඔත්තු ලබා දුන් තැඹිලි වෙලෙන්දෙක්     හරක්කටාගේ තවත් ඉලක්කයක් විය. එම වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියේ ධාවකයා  කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය  අත්අඩංගුවට ගත්තේය.එහි දී වෙඩික්කරුවා හඳුනා ගැනුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පානදුර කුඩු සළිඳු විසින් මෙහයවන ලද වෙඩි තැබීමක් හරක්කටාගේ උපදෙස් මත සිදුවූ බව විමර්ශන අංශ හෙළි කරගත්තේය.

අහංගමදීත්,   අහංගම ගොවියාපාන හෝටලයක් ඇතුළෙදීත් වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයින් දෙදෙනා හරක්කටා විසින් මෙහෙයවා කළ ඝාතන බව විමර්ශකයෝ කීහ.   ගොවියාපාන ඝාතනය සම්බන්ධව හිටපු විශේෂ බලකායේ  සෙබලෙක්  අත්අඩංගුව ගැනුණි. වෙඩි තැබීමේ දී ඉලක්ක ගත් ආකාරය අනුව මේ ඝාතකයා හරක්කටාගේ තවත් එක් ඝාතනයකට සම්බන්ධ බව සැක කරයි.

මොරටුවේ දි  වාහනයක් තුළ වෙඩි තබා කළ ද්විත්ව ඝාතනය සලිඳු විසින් මෙහෙයවන්නේ හරක්කටාගේ උපදෙස් මත බව වාර්තා වේ.  එමෙන්ම රටම කතා වුණු ගල්කිස්ස උසාවි භූමියේ සිදුවන ඝාතන තැත ද හරක්කටාගේ සැලසුමක් බව හෙළි වී ඇත.

ඉන් පසුව සිදුවූ මුල්ලේරියාව පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඝාතනයත් ජිලේ නැමැත්තාගේ අවශ්‍යතාවය මත හරක්කටා විසින් මෙහයවන ලද බව විමර්ශන අංශ විශ්වාස කරයි. එම ඝාතනයේ වෙඩික්කරු  යැයි සැක පිට විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ආයුධ පෙන්වන්නට යෑමේ දී ගල් කොරියකින් පහළට ඇදවැටී මිය ගියේ  සැබෑ ඝාතකයා නොවන බව පසුව හෙළි විය.

විශේෂත්වය වන්නේ විශේෂ කාර්ය බලකාය විසින් හරක්කටාගේ ප්‍රධාන කුලී  ඝාතකයා ලෙස හඳුන්වා ගල්කටස් තුවක්කුවක් සමග බොරලැස්ගමුවේ දී අත්අඩංගුවට ගන්නා  තැනැත්තා දැනට විමර්ශනයට ලක් වී ඇති ප්‍රධාන වෙඩි තැබීමේ සිද්ධි 09ට අදාල ඝාතන 08ට සම්බන්ධ බව හෙළි වී නොතිබීමය.

හරක්කටාගේ කොන්ත්‍රාත්තුවක් කිරීමට 14 වැනිදා ඔහු බොරලැස්ගමු එන්නට දින 03කට පෙර එනම් පසුගිය 11 වැනිදා හරක්කටා හෙවත් නදුන් චින්තක ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් වී තිබිණි.

කෙසේ වෙතත්   අත්අඩංගුවට ගත්  පුද්ගලයා හරක්කටාගේ අවශ්‍යතාවය මත කළ වෙඩි තැබීම්වලින්    පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලැබූ බව විශේෂ කාර්ය බලකාය මාධ්‍යයට පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය වියදම් පාලනයට අදාළ භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම අනිවාර්යයි.

Next Post

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 02ක් අක්‍රීයයි. විදුලි කප්පාදුව පැය 03යි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.