ගර්භණී මවුවරුන්ට විශේෂ එන්නත්  සතියක් හෙට ඇරඹේ…

Pregnant-covid-vaccine_featured

කීර්ති ප්‍රනාන්දු – 

රට පුරා සියලුම ගර්භනී මවුවරුන් ට කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ විශේෂ එන්නත් සතියක් ප්‍රකාශයට පත් කිරීමට පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය සිදුකර ඇත.

මෙම මස 24 අඟහරුවාදා දින සිට පුරා සතියක්  මෙම වෙශේෂ එන්නත්කරන සතිය පැවැත්වෙන බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ලංකාසරට පැවසීය.

මේ වනවිට  රට තුළ ගර්භනී මවුවරුන් 3800ක්  දෙනාට කොවිඩ් ආසාදිත වී ඇති බවත් චිත්‍රමාලි ද සිල්වා පවසයි.


එයින් මවුවරුන් 850ක් දෙනා මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවත් මවුවරුන් 27ක් මේ වනවිට මියගොස් ඇති බවත්  ඇය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එබැවින් ගර්භණී මවුවරුන් මෙම කොවිඩ් එන්නත ලබා ගැනීම ඉතා වැදගත් බවත්  හෙට (24)  දින සිට පුරා සතියක් පැවැත්වෙන මෙම විශේෂ එන්නත්කරණ සතිය තුළ තම ප්‍රදේශවල පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට ගොස් නියමිත  එන්නත් ලබා ගැනීමට උනන්දුවන  ලෙසත් මෙරට සියලුම ගර්භණී  මවු වරුන්ගෙන් ඉල්ලා සිටින බව ද විශේෂඥ වෛද්‍යවරිය කීය.

Exit mobile version