දිනසේන රතුගමගේ
රජය විසින් ඉන්ධන මිල ඉහල දැමීම නිසා ගොවීන් ධිවරයින් හා ගම්බද ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින නිසා රජය ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය විරෝධය පල කොට සිටින බව එහි නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා ඊයේ ( 21 ) පැවසීය.
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඇති වී තිබෙන ගැටළු පිළිබදව මාධ්‍යවේදීන් දෙමළ ජාතික සන්ධානයේ අදහස් විමසූ අවස්ථාවේදී සම්පන්ධන මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ අවස්ථාවේදී මෙසේද පැවසිය.
”ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අවස්ථාවක රජය ඉන්ධන මිල ඉහල දැමීම පිළිබදව අපි ඉතාම කණගාටු වෙනවා.ඒ වගේම අපි අපේ පක්ෂයේ විරුද්ධත්වයත් පලකොට සිටිනවා.
ඉන්ධන මිල ඉහල යාම නිසා පීඩාවට පත්ව සිටින්නේ ගම්බද ජනතාව ගොවීන් හා ධිවරයිනුයි.මේ ගැන අපි රජයට කරුණු ඉදිරිපත් කොට ඒ පිරිසට යම් සහනයක් ලබා දීමට කටයුතු කරණ මෙන් දැනටමත් ඉල්ලීමක් සිදු කොට තිබෙනවා.
ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ පිරිසක් උත්සහ කරනවා.මේ සදහා දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ඉල්ලා තිබෙනවා.නමුත් දෙමළ ජාතික සන්ධානය මේ සම්බන්ධයෙන් තවම තීරණයක් ගෙන නැහැ.
පාර්ලිමේන්තුවේදී අපි මේ ගැන සාකච්ඡා කිරීමට තීරණය කළා. අපේ මන්ත්‍රීවරු සියලු දෙනා සමග සාකච්ඡා කිරීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය උදය ගම්මන්පිල ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් වන විශ්වාස භංග යෝජනාවට සහය දෙනවද නැද්ද කියන කාරණය පිළිබදව අපි තීන්දුවකට එනවා . ” යැයිද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.