ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරුවරයාගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව නිකුත් වී ඇති බවත් ඔහු කොවිඩ් ආසාදිතයෙක් නොවන බවත් ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර ලංකාසරට පැවසීය.
විනිසුරුවරයා සමග නිරෝධායනයට ලක් කළ අනෙක් කාර්ය මණ්ඩලයේ පී.සී.ආර් වාර්තා තවමත් ලැබී නැති අතර ඔවුහු දිගටම නිරෝධානයේ පසුවෙති.
කෙසේ වෙතත් දින 14ක නිරෝධායන කාලයකට විනිසුරු වරයා ලක් කර ඇති බවත් දින 10කින් නැවත් පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.