සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගණේමුල්ල සංජීව ඝාතනය – සැකකාර නීතිඥවරියගේ බැංකු ගිනුම් පරීක්ෂාවට අධිකරණයෙන් අවසර… දින 90ක් රැඳවුම් නියෝග ගන්න පොලිසිය සැරසෙයි…

by editor
ඔක්තෝබර් 31, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා වෙඩික්කරුවන්ට ආධාර අනුබල සැපයූ බවට චෝදනා ගොනු කරමින්  දැනට පැය 72ක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන නීතිඥ තමාරා අබේරත්න තව දුරටත් දින 90 කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කරුණු දක්වමින් කියා සිටියේ නීතිඥ තමාරා අබේරත්න අත්අඩංගුවට ගන්නේ  ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධානම සැකකරුවාවන  කෙහෙල්බද්දර පද්මේ විසින් මේ වනවිට හෙළිදරවු කරන තොරතුරු මත පදනම්ව බවය.

ගනේමුල්ල සංජීව ඝාතකයාට නීතිඥවරයෙක් ලෙස සැරසී අධිකරණ භූමිය තුළට ඇතුළු වීම සදහා අවශ්‍ය කටයුතු තමාරා අබේරත්න විසින් සකස් කර දී ඇති බව ඇය අත් අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබෙන්නේයැයි විමර්ශන නිලධාරීහු අධිකරණයට කීහ.

ඇය සංජීවගේ ඝාතකයා ට නීතිඥ වෙස් ගෙන අධිකරණ භූමියට ඇතුළුවීම සඳහා  නීතිඥවරුන් පළඳිනා ටයි පටි දෙකක්, අපරාධ නඩු විධාන සංග්‍රහ පොත් දෙකක්, නීතිඥවරුන්ගේ වාහනවලට අලවන ස්ටිකර් දෙකක් ලබා දී ඊට අමතරව ව්‍යාජ නීතිඥ හැඳුනුම්පතක් සකස් කර ගැනීම සඳහා තම නීතිඥ හැඳුනුම්පත ද ඇය ඝාතකයාට  ලබා දී ඇති අයුරු   විමර්ශනවල දී අනාවරණය වී ඇත.

සැකකාර නීතීඥවරිය කෙහෙල්බද්දර පද්මේට එරෙහිව ඇති නඩු කටයුතුවලදී  ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් නීතීඥ සහය ලබා දී ඇති අයෙක් බව විමර්ශන අංශ කීවේය.   ඒ අනුව සැකකාරියගේ බැංකු ගිණුම් පරීක්ෂාවට අපේක්ෂා කරීමට බලාපොරොත්තු වන බවද ඔවුහු අධිකරණයට දැනුම් දුන්හ.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

විමර්ශනයට අදාලව සැකකාර නීතිඥවරියගේ බැංකු ගිණුම්  පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර හිමි විය.

විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශනයේ ප්‍රගතිය නොවැම්බර් 11 දින අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණසේවා කොමිසම වැල්ලවාය විනිසුරුවරයාගේ වැඩ තහනම් කරයි…

Next Post

ගාල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්.

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.