පොලිස්පතිවරයා කළ පැමිණිල්ලකට අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදුකළ විමර්ශනයකට පසු වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායක ගේ වැඩතහනම් කර තිබේ.
ඔහුගේ නඩු තීන්දු කිහිපයක් පිළිබඳ පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත කරන ලද පැමිණිල්ලක් මත අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
ඊයේ (30) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය ලබා දී ඇත.







