ගජේන්ද්‍ර කුමාර්ට ඇප!

මරදන්කේනි සහ ජයපුරම් පොලිස් ස්ථානවල නිලධාරින් කණ්ඩායමක් විසින්  අද (07) උදෑසන  කොළඹ කොල්ලුපිටියේ සිය නිවසේදී අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලබාදී තිබේ.

මන්ත්‍රීවරයා   ඇතුලු පිරිසක් කිළිනොච්චියේ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථානයක  පාසලකට ගොස් දේශපාලන රැස්වීමක් පැවැත්වීම නිසා පොලීසිය ඊට විරුද්ධ  වීමත් සමගම     එම ස්ථානයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබුණි.

එහිදී මන්ත්‍රීවරයා පොලිසියේ රාජකාරී වලට බාධා කළ අතර ඔහුට  පක්ෂයේ ආධාරකරුවන් පිරිසක්ද අනුබල ලබා දී තිබුණි.

එසේ අනුබල දුන් කාන්තාවක් හා තවත් අයෙකු පොලීසිය  විසින් අත් අඩංගුවට ගෙන කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව  රිමාන්ඩ් බාරයට පත් කළ අතර අධිකරණ  නියෝගයක් මත  මන්ත්‍රීවරයාටද මරදන්කේණී පොලීසියට පැමිණ  ප්‍රකාශයක් ලබා දෙන  ලෙස  ට දැණුම් දී තිබුණි.


එම නියෝගය පැහැර හැරීමෙන් පසුව මරදන්කේණී පොලිසිය විසින් යළි අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත මන්ත්‍රීවරයාව අත් අඩංගුවට ගනු ලැබුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද ඊයේ (06) කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Exit mobile version