ලලිත් චාමින්ද –
නාගොඩ තල්ගස්වල මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු සැඩපහරකට හසුවි දියේ ගසාගෙන යාමෙන් මියගොස් ඇති බැව් නාගොඩ පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ නාගොඩ ,වාඩියකන්ද, මුලන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 42 හැවිරිදිවියේ පසුවන අයෙකි. මොහු ගංවතුරෙන් යටවි ඇති තල්ගස්වල මාර්ගයේ ගමන් කරමින් සිටියදි සැඩපහරකට හසුවි ගසාගෙන යාමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසයි
මියගිය පුද්ගලයාගේ මෘතදේහය මාපලගම ප්‍රදේශයේ ලිබඩුවෙළෙඳ සැලක් අසල තිබියදි පොලිසිය මගින් සොයාගෙන ඇත.