ඛේදවාචකය ඇරඹෙයි… රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරු පැටවු බඩගින්නේ… 

රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ මේ වන විට ඖෂධවලට අමතරව උග්‍ර ආහාර අර්බුදයක්ද මතුව ඇතැයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

දරුවන්ගේ වර්ධනය නිසි ලෙස සිදුවීමට නම් ආහාර වේල තුළ ප්‍රෝටීන් අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු  වුවද මේ වන විට නේවාසික රෝගී දරුවන්ට දෛනිකව ලබා දෙන  ආහාර වේල තුල මස් මාළු බිත්තර තබා පරිප්පු හෝ අන්තර්ගත නොවන බව එම ආරංචි මාර්ග අනාවරනය කරයි.

පිළිස්සුම තුවාල ලබා රෝහල තුළ  මේ වන විට ප්‍රතිකාර ලබන ඇතැම්  රෝගී දරුවන්ට  දෛනිකව බිත්තර 10ක් දිය යුතු වුවද මේ වන විට එය ලබා දීමට නොහැකි තත්ත්වයක් මතු ව ඇතැයිද සඳහන් වන අතර පිළිස්සුණු සම යථා තත්ත්වයට පත්වීමට ප්‍රෝටීන් ආහාර ලබා දීම අනිවාර්යය වන බවද වෛද්‍යවරුන් සඳහන් කරයි.

කෙසේ වෙතත් පිළිස්සුම් තුවාල ලබා මේ වන විට ප්‍රතිකාර ලබන රෝගී දරුවන්ට පරිත්‍යාග ශීලීයෙකුගෙන් බිත්තර සීමිත ප්‍රමාණයක් ලැබි ඇති බවත් එම ප්‍රමාණය අවසන් වූ පසුව එම දරුවන්ටද බිත්තර ලබා දීමට නොහැකි තත්ත්වයක් උදා වන බවද ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.


මේ අතර දෛනික රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත්වන රෝගී දරුවන්ගේ සැලකිය යුතු පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල්පෙරේරා  හෙළි  කරයි.

ළමයින් උසට සරිලන බරකින් යුකුත් නොවීම, වයසට සරිලන උසකින් යුක්ත නොවීම වනි මන්දපෝෂණ ලක්ෂණයන් පෙන්නුම් කරන බව ඔහු පෙන්වාදේ.

මේ අතර නේවාසිකව  ප්‍රතිකාර ලබා ගන්නා  රෝගී දරුවන් බහුතරයක් රෝහලෙන් ලබා දෙන ආහාර  ලබා නොගත්තද මේ වන විට එම තත්ත්වය වෙනස් වී රෝහලෙන් ලබා දෙන ආහාර ලබා ගැනීමට පෙළඹී සිටින බවද වාර්තාවේ.

රෝහල තුළ පවතින උග්‍ර ඖෂධ සහ ශල්‍ය උපකරන හිගය මේ වන විට කළයම්තාක් දුරකට පියවා ගන්නේ   දෙස් විදෙස් පරිත්‍යගශීලීන් ලබාදෙන පරිත්‍යාග වලින් යැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් විජේසූරිය සදහන් කරයි.  එහෙත් ඔහු ලංකාසර කළ විමසීමක දී පැවතුවේ ඔය කියන තරම් මන්දපෝෂණ දරුවන් රෝහලෙන් වාර්තා නොවන බවය. කෙසේ වෙතත් මේ පවතින තත්ත්වය දිගටම පැවතියහොත් දරුවන් වැඩි වශයෙන් මන්දපෝෂණයට ලක්විය හැකි බවය.

කාටවත් බැන බැන නොසිට ගෙවත්තේ පුල්වන් දෙයක් වගා කරන්නැයි ද වෛද්‍ය විජේසූරිය ජනතාවට උපදෙස් දුන්නේය.  

අප ඉන්නේ මෙහෙවු රටක… මේ ලිපියත් කියවන්න….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මන්ත්‍රී නිවාස සංකීර්ණයට මේ වසරේ  කෝටි 180ක් වෙන් කරගන්න ප්‍රසන්නගෙන් කැබිනට් පත්‍රිකාවක්!

Exit mobile version