ඛනිජ තෙල් තොග ගබඩා සංකිර්ණය පිළිබඳ වෝහාරික විගණනයක් සිදුකළ බවත් එම විගණන වාර්තාව තව සතියක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
2022 වසර තුළ නිරීක්ෂණය වුන ඉන්ධන පරිහරණය පිළිබඳ සැක සහිත තත්ත්වයන් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2022 වසරේ කළ පැමිණිලක් අනුව ඉදිරි කටයුතු සඳහා මෙම වෝහාරික විගණනයේ අවශ්‍යතාවය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දුන් බව ඇමතිවරයා පැවසුවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා කීවේ කේ.පී.එම්.සී ආයතනය හරහා සිදුකළ එම විගණනයේ වාර්තාව පසුගිය සතියේ තමන්ට ලැබුණු බවත්, මේ ආකාරයෙන්ම ඛණිජතෙල් නීතිගත සංස්ථාවේත්, විදුලිබල මණ්ඩලයෙත් වෝහාරික විගණනයන් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.