චීනයේ ස්වයං පාලන කලාපයක් වන අභ්‍යන්තර මොංගෝලියාවේ ප්‍රදේශ ගණනාවක පැතිර යන කොවිඩ්-19 තත්ත්වය පාලනය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් එහි කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් ගණනාවක් සේවයෙන් පහ කර ඇතැයි වාර්තා වේ.
Hohhot හි රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පක්ෂ කමිටුවේ ලේකම්වරයා වන Wang Zhiqiang ඇතුළු එම දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ දෙකක නියෝජ්‍ය ප්‍රධානීන් වන He Lingling සහ Wen Yan මෙසේ ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම කලාපයේ වෛරසය පැතිර යාම වේගවත් වී ඇති අතර මේ වන විට වෛරසයට නිරාවරණය වූ යැයි සැලකෙන 700,000 කට ආසන්න සංඛ්‍යාවක් සෞඛ්‍ය බලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර ඇත.
මේ අතර, ශීත ඍතු පැරා ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය සපයන බීජිං හි මධ්‍යම ෂිචෙන්ග් දිස්ත්‍රික්කයේ ද දේශීය වශයෙන් රෝගය පැතිරීමට අදාළ සිදුවීම් දෙකක් ද වාර්තා වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.
බීජිංහි මෙම නව පැතිරයාම රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කරන සමාගමක් විසින් පවත්වනු ලැබූ කාර්ය මණ්ඩල පුහුණු සැසියකට සම්බන්ධ බව ද අනාවරණය කරගෙන තිබේ.