පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් කාරක සභාව (කෝපා) මගින් පැවැත්වීමට නියමිතව තිබූ කමිටු රැස්වීම් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව වාර්තා වේ.
කොවිඩ්-19 වසංගතයේ වත්මන් තත්ත්වය හේතුවන මහජන ඒකරාශි වීම් නැවැත්වීමට රජය විසින් තීරණය කරනු ලැබීමත් සමග කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත සහ කෝපා කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ විසින් මෙම තීරණය ගනු ලැබ ඇත.