අද (25) අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රුපියල් මිලියන 400 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නිලධාරීහු පැවසූහ.
ඔන්ටාරියෝ හි පදිංචි 52 හැවිරිදි කැනේඩියානු ජාතිකයෙකු ගුවන්තොටුපළේ හරිත නාලිකාව හරහා යාමට උත්සාහ කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරිමේ දි මෙම මත්ද්‍රව්‍ය තොගය අනාවරණය කරගැනීමට හැකි වී තිබේ.
ඔහු කැනඩාවේ සිට කටාර්හි දෝහා හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.
ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී බලධාරීන් හෂීස් කිලෝග්‍රෑම් 12.196 ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 5.298 ක් සොයාගෙන තිබිණි. .







