දළ වශයෙන් රුපියල් කෝටි 36කට ආසන්න වටිනාකමකින් යුත් “හෂීස්” තොගයක් සමඟ කැනේඩියානු ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
36 හැවිරිදි මෙම කාන්තාව ඊයේ රාත්‍රියේ කැනඩාවේ ටොරොන්ටෝ සිට පැමිණි අවස්ථාවේදී රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා රේගුවට ලැබුණු ජාත්‍යන්තර බුද්ධි තොරතුරකට අනුව ඇය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් බව ද විමර්ශන අංශ කියයි.
ඇය රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ ඇඳ ඇතිරිලි කිහිපයක සඟවා තිබූ “හෂීස්” කිලෝග්‍රෑම් 36.5ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය වෙනත් රටකට ප්‍රතිඅපනයනය කිරීමට නියමිතව තිබූ ඒවා බවට බලධාරීන් සැකකරයි.
කැනේඩියානු ජාතික කාන්තාව සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි.







