ලලිත් චාමින්ද –
-
මේ අවුරුද්දෙ ගතවුණ මාස 06ට නාවික හමුදාව රුපියල් බිලියන 13කට වැඩි මත්ද්‍රව්‍ය අත් අඩංගුවට අරන්…
මෙරට බහුදින ධීවර යාත්‍රාවක සූක්ෂම ලෙස සකස් කළ කුටීර තුළ සඟවා ප්‍රවාහනය කරමින් තිබු රුපියල් මිලියන 3250කට අධික දළ වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 131 ක් හා ග්‍රෑම් 754 සමග පුද්ගලයින් හය දෙනෙකු දෙවුන්දර සිට දකුණු දෙසට නාවික සැතපුම් 356 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ තිරයේ දි අත්අඩංගුවට ගත් බැව් නාවික හමුදාව පවසයි.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලද බුද්ධි තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව යොදවා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි මෙකි මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
![](http://lankasara.com/wp-content/uploads/2024/06/collage-29.jpg)
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 23 ත් 43 ත් අතර වන දෙවුන්දර සහ ගන්දර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති. අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය, හා සැකකරුවන් හය දෙනා (06) සහ බහුදින ධීවර යාත්‍රාව ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබිය.
ඉදිරි නීතිමය කටයුතු සඳහා සැකකරුවන් හය දෙනා සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව ඇත. කෙසේ වෙතත් මේ බෝට්ටුවේ හිමිකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, විසින් මෙකි මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම 2024 ඊයේ (15) දින ගාල්ල වරායේදී සිදු කෙරිණි. 2024 වර්ෂයේ මේ දක්වා කාලය තුළ සිදුකල මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් පමණක් රුපියල් මිලියන 13210 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කරඇති බව නාවික හමුදාව පවසයි. මත්ද්‍රව්‍ය තොගය නිරික්ෂණය කිරිමේ අවස්ථාවට එක්වෙමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මෙසේ කිවේය.
“2023 වර්ෂයේ දි නාවික හමුදාව විසින් වෙරළාරක්ෂක බලකායේ සහයෝගය ඇතිව රුපියල් මිලියන 26.700කට අධික ප්‍රමාණයක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තියෙනවා. හෙරොයින්, අයිස්, හෂිස්, ගංජා, වැනි මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම වර්ෂයේ කිලෝ 700කට ආසන්න හොරයන් සහ අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තියෙනවා. මත්ද්‍රව්‍ය සම්බ්න්ධ නිති පද්ධතියට අලුතින් රේගුලාසි ඇතුළත් වෙලා තියෙනවා. මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනිමෙන් පසු නීති කටයුතු කිරිමෙන් පසු මුල් අවස්ථාවේදිම මත්ද්‍රව්‍ය විනාශ කරනවා. පසුගිය මාසයේ වයඹ වනාතවිල්ලුව ප්‍රදේශයේ දි දහනාගාරයක් ස්ථාපිතර කරලා විශාල මත්ද්‍රව්‍ය තොගයක් දහනය කළා. අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය නිති කටයුතු කිරිමෙන් පසු පළමු අවස්ථාවේ දිම නැවත ප්‍රයෝජනයට ගැනිමට නොහැකි අයුරින් විනාශ කරණවා.
ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන සහ ඒ සඳහා අනුබල දෙන පුද්ගලයන් පිලිබඳ තොරතුරු නාවික හමුදාව වෙත සහ මෙරට නීතිය බලාත්මක කරනු ලබන ආයතනයන් වෙත ලබාදී, රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීම සඳහා සහය වන ලෙස ඉල්ලා සිටිනවා.”
යැයිද නාවික හමුදාපතිවරයා සදහන් කළේය.