බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 114ක බාල බෙහෙත් ගෙන්වා ලෙඩ්ඩුන්ට බෙදූ හෙණ ගහන අපරාධය විගණනයෙන් හෙළි වූ හැටි!

by editor
නොවැම්බර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත්  චාමින්ද –

  • සමහර දියර බෙහෙත්වල වීදුරු කැබලි සහ දෘෂ්‍ය අංශු… මැරිච්ච කැරපොත්තොත් ඉඳලා..

  • තත්වයෙන් බාල බෙහෙත් නිසා ඇතිවූ ප්‍රතික්‍රියා නිසා මරණ 03ක් සිද්ධවෙලා…

  • බෙහෙත් තත්වයෙන් බාල බවට වාර්තා යවන විට රෝගීන් විශාල ප්‍රමාණයකට ඖෂධ බෙදා දීලා ඉවරයි… ඒ ඖෂධ පාවිච්චි කළ අය ගැන විමසුමක් නෑ..

  • රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවත් කෝටි 08ක බාල බෙහෙත් දීලා… 

  • යහපාලන ආණ්ඩු කාලයේ පටන් ගත් මේ අපරාධය   ක්‍රියාවලිය වැළැක්වීමට තවමත් කිසිම පිළියමක් නෑ… අපරාධකරුවන්ට දඬුවම් ලැබිලත් නෑ…

වෛද්‍ය සැපයුම්  අංශය විසින්  රජයේ රෝහල්වෙත නිකුත්කොට තිබු වෛද්‍ය සැපයුම්වලින්  රුපියල් කොටි එකසිය දහතුනකුත් ලක්ෂ හයසිය හැට හතරක් (මිලියන 1,136.64ක්) වු වෛද්‍ය සැපයුම් තත්වයෙන් අසමත් වි තිබු බව ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.

තත්වයෙන් අසමත් වෛද්‍ය සැපයුම් අතුරින් බොහොමයක  විදුරුකැබලි ,  දෘශ්‍ය අංශු පැවති බවත්, මියගිය කැරපොත්තෙකු සිටි බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත.  

පෙති කැඩියාම, වර්ණය වෙනස්විම  බ්‍රිතාන්‍ය ඖෂධවේදි පිරිවිතරයන්ට අනුකුල නොවිම, දක්නට ලැබුණු බවද  අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන් මරණ 03ක් සිදුවිම, ක්ෂුද්‍රජීවි දුෂණය  ආදිකරණු හේතුවෙන්  මෙම  ඖෂධ   භාවිතයෙන් ඉවත්කර හෝ භාවිතය අත්හිටුවා තිබුණි.

2020 වර්ෂයේ දි  තත්වයෙන් අසමත්ව භාවිතයෙන් ඉවත් කළ  වෛද්‍ය සැපයිම් අතර  ප්‍රතිජිවක ඖෂධ  අසාත්මිකතා හා පිළිකා හ ඇදුම යන භාවිතා කරණ ඖෂධ  තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එමෙන්ම තත්වයෙන් අසමත් බව රෝහල්වෙත දැනුම් දෙන අවස්ථාව වනවිට  ඉතිරි වෛද්‍ය සැපයුම් ප්‍රමාණය කොපමණ ද යන්න හඳුනාගෙන නොතිබුණි. සමාලෝචිත වර්ෂය (2020) තුළදි  පිරිවැය රුපියල් මිලියන 14.38ක් වු  තත්වයෙන් අසමත් ඖෂධ  වර්ග 13කින් ඒකක 609,561ක් පොළොන්නරුව දිස්ත්‍රික් මහරෝහල වෙත  ලැබි තිබු අතර  ඉන් ඒකක 529,443ක් සියයට 86.85ක්පමණ  රෝගින් වෙත නිකුත්කොට තිබුණි. එම ඖෂධ භාවිතා කරණු ලැබු රෝගින් සම්බන්ධයෙන්  කිසිදු පරික්ෂාවක් හෝ විමසිමක් සිදුකර නොතිබුණි. 

ඉතිරිවි ඇති ඖෂධ සම්බන්ධයෙන් පමණක්  ගතයුතු ක්‍රියාමාර්ගයන් චක්‍රලේඛන මගින් දැනුම් දි තිබු බව විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම 2011 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාල පරිච්චේදය තුළදි  තත්වයෙන් අසමත්ව තිබු වෛද්‍ය සැපයුම්වල පිරිවැය  රුපියල් මිලියන 2,364.69ක් වු අතර එම මුදල  අදාල සැපයුම්කරුවන්ගෙන් අයකරගෙන  නොතිබුණි. ඒ තුළ ඖෂධ නිතිගත සංස්ථාවෙන් මිලදි ගැනීම්  රුපියල් මිලියන 2.111. 46ක්, දේශිය මිලදි ගැනිම් රුපියල් මිලියන 60.61ක්, දේශිය නිෂ්පාදකයින්ගෙන් මිලදිගැනිම්  රුපියල් මිලියන 109.96ක්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙන් මිලදි ගැනිම්  රුපියල් මිලියන 81.95ක්, සහ  ශල්‍ය ගෝස් මිලදි ගැනිම්  රුපියල් 732,330ක් වු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ඇතැම් වෛද්‍ය සැපයිම් තත්වයෙන් අසමත් බවට  චක්‍රලේඛ නිකුත්කරන අවස්ථාවන වනවිට එම ඖෂධ  කල්ඉකුත්වි තිබීම හේතුවෙන්  තත්වයෙන් අසමත්විම නිසා සිදුවු අලාභය  අයකරගත නොහැකිවි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

මේ පිළිබද විගණන වාර්තාවලින් දිගින් දිගටම හෙලිකළ ද 2021 වර්ෂයේ අගෝස්තු මස 31 දින වනවිටත්  මෙම තත්වය  මගහැරගැනිම සදහා  ඖෂධ රෝහල්වලට  නිකුත් කිරිමට පෙර තත්වය පරික්ෂා කිරිමේ ක්‍රමවේදයක්  ක්‍රියාත්මක කරනොතිබුණි. 

තත්වයෙන් අසමත් ඖෂධ පිළිබඳ දැනුම්දිමේ චක්‍රලේඛ  නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන්  තත්වයෙන් අසමත් ඖෂධ  රෝගින්ට ලබාදිමේ වැලැක්විමේ  අරමුණින් 2020 වර්ෂයේ සිට පරිගණක පද්ධතිය මගින්  වෛද්‍ය සැපයුම් භාවිතය අත්හිටුවිමේ නියෝග  අදාල රෝහල් වෙත ආයතන වෙත දැනුම් දෙන බවට  විගණනය වෙත  දැනුම් දි තිබුණි. 

කෙසේවුවද   1521ක්වු සමස්ත රෝහල් පද්ධතියෙන්  රෝහල් 1381ක එම පරිගණක පද්ධති ස්ථාපිත කර නොතිබිම නිසා  එම අරමුණ ඉටුකරගැනිමට නොහැකිවි ඇති බවද විගණන වාර්තාවේ තවදුරටත් සදහන් වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිරස සුපර් ස්ටාර් තුළින් ජනප්‍රිය වූ ගාමිණි සුසිරිවර්ධන දිවියට සමුදෙයි

Next Post

මීරිගමට මෙපිටින් දුම්රිය මාර්ගය ගිලා බසී… දුම්රිය වේයන්ගොඩට පමණයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.