කීර්ති ප්‍රනාන්දු –
කුළුබඩු සමග සිය ගමන් මල්ල තුළ සූක්ෂම ලෙස කෝකේන් මත්ද්‍රව්‍ය තොගයක් සඟවාගෙන පැමිණි පිලිපින ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම කාන්තා විසින් රැගෙන විත් ඇති කෝකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 861ක් බවත් ඒවායේ වටිනාකම රුපියල් කෝටි 20 ක් පමණ වන බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ උසස් නිලධාරියෙකු පැවසීය .
මෙම පිලිපීන කාන්තාව සිය ගමන් මල්ල තුළ පාන් පිටි ,මිරිස් කුඩු හා කහ කුඩු අඩංගු පාර්සල් තුනක් තුළ මෙම මත්ද්‍රව්‍ය
සඟවා ගමන් මල්ල තුළ දමාගෙන පැමිණ ඇත .
ඉතියෝපියාවේ අඩිෂ් අබාබා නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇති මෙම කාන්තාව අනතුරුව මෙරටට පැමිණ ඇති බවත් ඇය මීට පෙර ඉන්දියාව සහ මැලේසියාව යන රටවලටද මේ ආකාරයෙන්ම කොකේන් මත්ද්‍රව්‍ය සඟවාගෙන ගොස් ඇති බවට ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් රේගු මධ්‍ය පාලන අංශයේ උසස් නිලධාරියකු පැවසීය .
මෙම පිලිපීන පිලිපීන කාන්තාවගේ යෙහෙළියක් විසින් මෙම කොකේන් තොගය ප්‍රවාහනය කිරීමට අවශ්‍ය පහසුකම් සම්බන්ධීකරණය කරදී ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව පවසන එම නිලධාරියා ශ්‍රී ලංකාවට මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ඒම සඳහා ඇමෙරිකානු ඩොලර් 1,000 ක්, ගුවන් ගමන් බලපත්‍ර ,සංචාරක හෝටල් වල නැවතී සිටීමට දින 05 ක පහසුකම් ද මෙම මත්ද්‍රව්‍ය ප්‍රධාන ජාවාරම්කරු විසින් අත්අඩංගුවට පත් පිලිපීන කාන්තාවට ලබා දී තිබූ බවට ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බවද ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.