කොළඹ මහ නගරසභාවට සමගි ජන බලවේගය ඉදිරිපත් කරන නගරාධිපති අපේක්සකයා රීසා සරුක් බව එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
එහිදී ඔහු මෙසේද පැවසුවේය.
“කොළඹ නගරසභාවේ පුරපතිවරයා හැටියට රීසා සාරුක්ගේ නම පක්ෂය විසින් යෝජනා කරලා තියනවා. ඒ ගැන ගැටලුවක් නෑ. උප නගරාධිපතිවරයා මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් යෝජනා කරයි. ”
“සමගි ජන බලවේගය ලෙස සමගි ජන බලවේගයේ නායකත්වයෙන් කොළඹ නගර සභාව පිහිටුවන්න කොළඹ නගරසභාවට තේරී පත් වෙච්චි දේශපාලන පක්ෂවල නියෝජිතයනුත් ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයනුත් එක්ක මේ සාකච්ඡා කරලා ප්‍රගතියක් හා සාර්ථකත්වයක් අපි ලබා තිබෙනවා.
“අපි විශ්වාස කරනවා අපිට 16 වැනිදාට සභිකයින් කැඳවලා කොළඹ නගර සභාවේ සභිකයින් පත්වන ඒ ඡන්ද විමසීමේ දි සමගි ජන බලවේගයේ අපේක්ෂකයාව අපට ජයග්‍රහණය කරවන්න පුලුවන් වේවි කියලා.”







