සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොහොමද පොහොර ගෙන්වන්නෙ… පොහොර සමාගම් ඔක්කොම බැංකුවල ණය කාරයෝ….

රසායනික පොහොර තහනමේ විපාකය රටට දැනෙන හැටි සීඅයිසී කෘෂි ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ වරුණ මඩවනආරච්චි කියයි!

by editor
ජූනි 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වන විට කෘෂිකර්මාන්තයට සිදුවිය යුත්ත සිදුවී හමාරය.  කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ද කෘෂිකර්ම ඇමතිවරයා ද පවසන පරිදි ඉදිරියේ ඇති වෙන ආහාර හිඟය මැඩපැවැත්වීම පිණිස කොන්දේසි රහිතව වගා සංග්‍රාමයක නිරත විය යුතුය. එසේ වගා කිරීමට නම් බීජ රසායනික පොහොර කාබනික පොහොර සහ කෘමිනාශක සැලකිය යුතු මට්ටමකින් වත් තිබිය යුතුය. නමුත් ශ්‍රී ලංකාවේ ආනයනික පොහොර සමාගම් පවසන පරිදි මේ වන විට පොහොර ආනයනය කිරීම සඳහා ඒ ඒ සමාගම් වෙත ගැටලු රැසක් මතු වී තිබේ මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සීඅයිසී කෘෂි ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ වරුණ මඩවනආරච්චි  දැක්වූයේ මෙවන් අදහසකි

වරුණ මඩවනආරච්චි 
  • ප්‍රශ්නය –  ගොවීන්ට දැනට පවතින ප්‍රධානම ප්‍රශ්නය යූරියා නොමැති වීම ඊට හේතුව කුමක්ද ?

පිළිතුර –  රජය විසින් ඉකුත් වසරේ පැනවූ ආනයනික රසායනික පොහොර තහනමක් මත යූරියා ගෙන්වීම නතර කෙරුණා. නැවතත් රජය විසින් රසායනික පෝර භාවිතය සදහා අවසර ලබා දුන් පසු කඩිමුඩියේ ඉකුත් නොවැම්බරයේදී  සීඅයිසී සමාගම පමණක් ඩොලර් මිලියන 12ක රසායනික පොහොර මෙට්‍රික් ටොන් විසිදෙදාහක් පමණ ප්‍රමාණයක් ආනයනය කළා.

ඒ වන විට ඩොලරය තිබුනේ 203, 205 වැනි අගයක. පොහොර හිඟයෙන් පීඩිත මිනිස්සු පොහොර මිලදී ගන්න පෙළඹුණා. ඒ අනුව මාර්තු වන විට ගෙන්වූ පොහොර විකුණ ගන්න හැකියාව ලැබුණා. ණයවර ලිපි වලට අනුව ඒ සඳහා මුදල් ගෙවීමට නියමිතව තිබුණේ  මාර්තු අප්‍රේල් සහ මැයි කාලයෙ.. ඒ වන විට ඩොලරයේ  අගය 360 ඉහළ ගිහින්.

මේ තත්ත්වය යටතේ සෑම සමාගමක් ම පාහේ දරුණු මූල්‍ය අර්බුදයක පැටලිලා.

නැවත පොහොර ආනයනය සඳහා පුද්ගලික පොහොර සමාගම් වලට හැකියාවක් නැත්තේ ඒ නිසා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  • ප්‍රශ්නය –  රජය  මේ ගැටලුවට මැදිහත් වන බව ඇමතිවරයා කියා සිටියා.

පිළිතුර-  ඇමැතිවරයා පැහැදිලිව කියා සිටියා මේ වන විට පොහොර සමාගම් වලට රජය විසින් රුපියල් මිලියන 23000 ක මුදලක් ගෙවීමට ඇති බව. ඒ මුදල මේ වන තුරු ගෙවාගන්න රජයට හැකියාවක් ලැබුණේ නැහැ. සීඅයිසී සමාගමට පමණක් රුපියල් මිලියන 5300 ගෙවන්නට තිබෙනවා. මේ මුදලින් අඩක් හෝ ගෙවා සමාගමට සහනයක් . ලබා දෙන්නේ නම් නැවත පොහොර ගෙන්වීමේ සැලසුමක් සඳහා අත පෙවිය හැකියි.

මොකද සමාගම් විදිහට බැංකුවලින් ලබා ගන්නා ණය සීමාව මේ වන විට ඉක්මවා ගොස් තිබෙනවා. බැංකු කිසිවෙක් ණයක් ලබා දෙන්න ඉදිරිපත් වන්නේ නැහැ මේ තත්ත්වය යටතෙ. පොහොර සමාගම් සියල්ලම එකතු වී හෝ පොහොර ආනයනය කර ගත නොහැකිව  හිර වී සිටිනවා.

  • ප්‍රශ්නය –  රජය  පැහැදිලිව කියා සිටිනවා ඉන්දියාවෙන් සහ වෙනත් රටවලින් පොහොර ගෙන්වා යල කන්නයේ වගාවට ගොවියාට පහසුකම් සලසා දෙන බව.

පිළිතුර –  ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ කරන්න ඕන රජයක් විදිහට මිත්‍ර රටවල් වලින් පොහොර ගෙන්වා ගැනීම තමයි.

මොකද යල කන්නෙට මේ වන විට පොහොර අත්‍යවශ්‍යවී තිබෙනවා. යල කන්නයේ අස්වැන්න රැක ගන්න බැරි වෙනව කියන්නේ අපි විශාල අර්බුදයකට මුහුණ දෙනවා කියන එක තමයි.

ආහාර අර්බුදය පිළිබඳ ලෝකයේ කතිකාවක්  ඇති වන විට ඉන්දියාව තමන්ගේ පොහොර සංචිත රඳවා ගැනීමට කටයුතු කළා චීනය පොහොර  අපනයනය කිරීම නතර කළා. යුක්රේනය යුද්ධයට මැදි වෙලා වෙනත් අර්බුදයකට මුහුණ පෑවා.  අසරණ වුනේ ලංකාවේ ගොවීන්.

  • ප්‍රශ්නය – නමුත් පොහොර සමාගම් පෙර වසරවලදී වගාවන් නැති කාලවල දී පවා පොහොර ආනයනය කරමින් රට තුළ පොහොර සංචිත රඳවා ගත්තා. මෙවර එවැන්නක් සිදුවූයේ නැද්ද?

පිළිතුර –  2021 අප්‍රේල් රසායනික පොහොර තහනම ඇති කළ පසුව සම්පූර්ණයෙන්ම පොහොර සමාගම් පොහොර ගෙන්වීම නතර කළා. මේ අර්බුදය ආරම්භ වූයේ එතැනින්.

අනෙක් ප්‍රධානම කාරණය තමයි මේ රටේ පොහොර ගෙන්වීමේ රටාවක් තිබුණා.

අපේ පොහොර නිෂ්පාදනය කරන සමාගම් වල පොහොර මිල උච්චාවචනය වෙනවා.  ලංකාවේ පොහොර  පිළිබඳ විද්වතුන් සමාගම් ප්‍රධානීන් මේ රිදම් එක හරියට අවබෝධ කරගෙන හිටියා. ඒ අනුව ලෝකයේ පොහොර මිල අඩුවන කාලවලදී ලංකාවට පොහොර ආනයනය කිරීමට තරම් සූක්ෂම වුණා. එවිට ගොවීන්ට අඩු මිලට පොහොර ලබාදිය හැකියි.  ලංකාවේ වගාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් තමයි එවැනි දේවල් සිදුවූයේ.

නමුත් මේ වන විට ඒ රටාව මුළුමනින්ම බිඳ වැටිලා

ඉකුත් නොවැම්බරයේ පොහොර තහනම ඉවත් කළ මොහොතේ පොහොර ආනයනය සඳහා අත තබන විට ලෝකයේ පොහොර සමාගම් වල මිල ඉතා ඉහළ තැනකයි තිබුණෙ. ඒ වෙලාවේ පොහොර ආනයනය නොකර බැරි වුණා. එතැන් සිට පොහොර මිල ඉහළ යමින් පොහොර ගෙන්වීම අවම වෙමින් පොහොර ප්‍රශ්නය විවිධ ස්වරූපයෙන් මතුවෙන්න පටන් ගත්තා. අදත් මේ සිද්ධ වෙලා තියෙන්නේ ඒවායේ ප්‍රතිඵල තමයි.

  • ප්‍රශ්නය – මෙයට සරල විසඳුමක් ඇත්තේම නැද්ද?

පිළිතුර –  සරල විසඳුමක් නම් ඇත්තේ නැහැ මොකද මේ වන විට යල කන්නේ කෝච්චියත් ගිහින්. අඩුම මහ කන්නයේ ඒ කියන්නේ 2023 ජනවාරි අප්‍රේල් වී අස්වැන්න රැකගන්න වත් දැන් ඉඳම්ම පැහැදිලි සැලසුමක් සකස් කර ගත යුතුයි.

Share69Tweet43
Previous Post

ශල්‍ය කර්මයකින් එළියට ගත නොහැකිව පෙනහල්ලේ සිරවුණු මූනිස්සම මුඛයෙන් එළියට ගත් භෞත චිකිත්සක විස්කම…

Next Post

දේශබන්දු තෙන්නකෝන්ගේ ස්ථාන මාරුවට අවශ්‍ය නිර්දේශ එවන්න… පොලිස් අමාත්‍යාංශයෙන් රාජ්‍ය සේවා කොමිසම ඉල්ලයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.