බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය ප්‍රධාන සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කොස්ගොඩ සුජී’ සහ ‘අපේ ජනබල’ පක්ෂයේ නායක සමන් පෙරේරා අතර පවතින මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවත් වර්ෂ 2004 දි කොස්ගොඩ සුජීගේ මාමා සහ සහෝදරයා ඝාතනය කිරීමේ සිද්ධියත් මේ ඝාතනයට මුල් වී ඇති බවත් මේ පිළිබඳව විමර්ශනය කරන පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
කොස්ගොඩ සුජී සහ රෝයල් බීච් සමන් අතර පවතින ගැටුම මිනීමැරුම් දාමයක් ද සම්බන්ධය.
රෝයල් බීච් සමන්ගේ මැදිහත්වීම් මත සුජීගේ සොයුරා සහ මමා වර්ෂ 2004 වසරේ ඝාතනය වීමෙන් පසු වර්ෂ 2016 වසරේ ගාල්ලේ ඥාතියකු ද ඝාතනය කිරීම සිදු වී ඇති බව අනාවරණය වි තිබිණි.
ඊට පළිගැනීමක් වශයෙන් 2018 වසරේ දී සුජී විසින් සමන් පෙරේරා ඝාතනය කිරීමට උත්සාහ කළේය. වර්ෂ 2018 ඉඳුරුව ප්‍රදේශයේදී කළ එම උත්සාහ උත්සාහය අසාර්ථක වී විදේශිකයෙකු වෙඩි වැදිනි.
2022.06.05 දින කුඩාවැල්ල ධීවර වරායේදී අසේල සම්පත් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධානම චූදිතයා රෝයල් බීච් සමන්ය. ඔහු ඊයේ තංගල්ලට එමින් සිටියේ අසේල සම්පත් ඝාතනයට අදාළ නඩුවට අධිකරණය හමුවේ පෙනී සිටීමටය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත – කහවත්ත හුවමාරුව අසලදී ‘රෝයල් බීච් සමන්’ ඇතුළු පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය වන්නේ එම පසුබිමේ දී ය.
විමර්ශන ප්‍රගතිය –
බෙලිඅත්ත වෙඩි තැබීමේ සිද්ධියේ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
සී.සී.ටී.වි දර්ශන අනුව මෙම ඝාතකයන් පැමිණ තිබුණ් 65-2615 දරන අංක තහඩු සහිත ජීප් රථයකිනි. මේ වනවිට එක් සැකකරුවෙකුගේ ඡායාරූප හඳුනාගෙන ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය (AFRS) වෙත යොමු කර ඇත.
එමෙන්ම කොස්ගොඩ සුජීට සම්බන්ධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සියලු පුද්ගලයන් පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ වාර්තා කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී තිබේ.