පොලිස් බාරයේ සිටියදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය කොස්ගොඩ තාරක හෙවත් ධර්මකීර්ති තාරක විජේසේකර සහ මෙලන් බාබුලා හෙවත් ඌරු ජුවා යන සැකකරුවගේ මරණ පිළිබඳව දැඩි අවධානය යොමු කරන ශ්‍රි ලංකා නීතිඥ සංගමය මෙවැනි සිදුවීම් නීතියේ ආධිපත්‍යයට බරපතල තර්ජනයක් බවත් එවැනි සිදුවීම් වැළැක්වීමට රජයේත් ජනාධිපතිවරයාගේත් දැඩි අවදානය යොමු කළ යුතු බව අවධාරණය කරයි.
ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුව විසින් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කොට ඇති අතර ඔවුන් එයින් තවදුරටත් පවසන්නේ මෙම මරණ අධිකරණමය නොවන ඝාතනවල (Extra Judicial Killings) සියලු ලක්ෂණ පවතින බවත් සිය භාරයේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවය.
ශ්‍රි ලංකා නීතීඥ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.