කොවිඩ් හතරවන රැල්ලක් ගැන කතා කරන අය සිටියත් කොවිඩ් වයිරසයේ හතරවන රැල්ලට අපි කිසිසේත් ලඟා වී නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ රංජිත් බටුවන්තුඩාව සදහන් කරයි.
වසංගත රෝග විද්‍යා අංශයේ දත්තයන්ට අනුව හතරවන රැල්ලක අබියස සිටින බවට කිසිදු වාර්තාවක් මෙතෙක් ලැබී නොමැති බවත් අප තවමත් සිටින්‌නේ කොවිඩ් තුන්වන රැල්ල තුළ බවත් ඔහු පෙන්වාදේ.
ලෝකයේ ඇතැම් රටවල් කොවිඩ් හතරවන රැල්ල ට මුහුණ දෙමින් සිටින බව කී විශේෂඥවරයා එහි ප්‍රතිපල ඉතා භයානක තත්තවයේ පවතින බව අවධාරණය කළේය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න විශේෂ නිවේදනයක් කරමින් සඳහන් කළේ කොවිඩ් හතරවන රැල්ල අභියස අප සිටින බැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම ක්‍රියාත්මක කරන ලෙසය.
මේ වන විට එන්නත ලබා දී ඇත්තේ සියයට 8ක ප්‍රතිශතයකට පමණක් බැවින් එන්නත ගැන පමණක් විශ්වාසය තබා නොගන්නා ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.