ලලිත් චාමින්ද –
කොවිඩ් වෛරසය ආසාදනය වි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබා සුව වූ පසු නිවසට පැමිණ මවක් කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයකදි අනාවරණය විය.
මිය ගොස් ඇත්තේ 84 හැවිරිදිවියේ පසුවන ගාල්ල මැටරඹ ප්‍රදේශයේ පදිංචි මවකි. මියගිය මවගේ ලේලිය ඇගලුම් සේවිකාවක්වන අතර ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇත. ඔහුගේ පුතුටුද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇත. කොරෝනා වෛරසය ආසාදනය වි මෙකි මව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින ප්‍රතිකාර ලබා නිවසට ගොස් ඇත. නිවසේ සිටියදි ඇය මියගොස් ඇත.
මියගිය මවගේ හදිසි මරණ පරික්ෂණය මැටරඹ හදිසි මරණ පරික්ෂක වයි. නිරෝෂා නිල්මිණි විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකරණු ලැබිය. පශ්චාත් මරණ පරික්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි විසින් සිදුකළ අතර ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරිය කොවිඩ් නිව්මෝනියාවෙන් ඇතිවු සංකුලතා නිසා මරණය වි ඇති බවට තින්දු කළාය.