කීර්ති ප්‍රනාන්දු –
බණ්ඩාරවෙල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී කොවිඩ් ආසාදිත ආදිවාසී පුද්ගලයෙක් මිය ඊයේ මිය ගිය බව බණ්ඩාරවෙල රෝහල් ආරංචි මාර්ග සනාථ කළේය.
ඔහු දඹානේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකි.
මියගොස් ඇති තැනැත්තා පිළිබඳව විමසීම සඳහා ආදිවාසී නායක වන්නිලා ඇත්තන්ගේ පුත්‍රයා වන ඌරුවරිගේ මුතුබණ්ඩා කීවේ ඔහු ආදිවාසී පුද්ගලයෙක් නමුත් තමන්ගේ සම්ප්‍රදාය තුළ ජීවත් වන අයෙක් නොවන බවය.
සිය ඥාතිවරයෙක් වූ එච්.එම්. ගුණදාස නැමැති මේ පුද්ගලයා අම්පාර පාරේ වෙල්පල්ලේවෙල ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයෙක් බව මුතුබණ්ඩා ලංකාසරට කීවේය.