බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් රෝගීන්ගේ ඇස් ගලවන තරමට කළු පුස් දරුණු වුණේ ඇයි ?

by editor
මැයි 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොව්ඩ් මදිවාට තවත් යකෙක් පැමිණ ඇත. බොහෝ දෙනා දැන් කතා බහ ඒ යකා ගැනය. ඒ කළු දිලීරයයි. මේ වනවිට ඉන්දියාව මෙන්ම බටහිර මාධ්‍යයටද ද කළු දිලීරය බරපතල මාතෘතාවකි. බී.බී.සී පුවත් සේවය වාර්තා කරන ආකාරයට කළු දිලීරයෙන් බැට කෑ රෝගීන් 10000ක් පමණ ඉන්දියාවෙන් හමුවී ඇත.

මෙම තත්ත්වය වඩාත් කතා බහට ලක් වන්නේ ඉන්දියාවේ කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිට සුව වූ පුද්ගලයන් කිහිප දෙනකු මෙම දිලීර අසාදනයට ලක් වීමය. ඔවුන්ගෙන් කිහිප දෙනකු මුහුණ දුන් කණගාටුදායක සිදුවීමක් ලෙස ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේ මෙම දිලීරය ඇසේ ආසාදනය වී මොළයට ගමන් කිරීමේ අවදානමකට ලක්ව සිටි රෝගීන් කිහිප දෙනකුගේ දෑස් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කිරීමට සිදුවීමය. කොවිඩ් ආසාදනය වූ රෝගීන් අතරින් පමණක් දක්නට ලැබුණු මේ රෝගය පිළිබඳව විමසිලිමත් වූ ඉන්දිය වෛද්‍ය පර්යේෂකයන් කියන්නේ “කොවිඩ් වෛරසයේ හැසිරීම පිළිබඳව යොමු කර තිබුණ පර්යේෂණ ඇස් දැන් අවස්ථාවාදී ලෙස රෝගීන්ට අනතුරු කරන අලුත් සතුරා දෙස යොමු කරන්නට සිදුව ඇති“ බවය.

කළු දිලීරය කුමක් ද?

Black-Funger2
මියුකෝමයිකෝසිස් (Mucomycorsis) නැමැති දිලීරය

මෙම කළු දිලීරය ලෙසින් හඳුන්වන්නේ මියුකෝමයිකෝසිස් (Mucomycorsis) නැමැති දිලීරයකි. මෙය කොරෝනා සමඟ අමුතුවෙන් පහළ වූ දිලීරයක් නොවේ. එය සාමාන්‍ය පරිසරයේ හමුවන කළුපුස් වර්ගයක් බව මහනුවර ජාතික රෝහලේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳව වෛද්‍ය මහේන් කොතලාවල පවසයි. ඔහු පවසන්නේ සාමාන්‍යයෙන් වසරකට මහනවුර රෝහලේදි උගුර කණ නාසය ආශ්‍රිතව සහ ඇස් ආශ්‍රිතව මෙම කළු දිලීරය ආසාදනය වූ රෝගීන් 15ක් 20ක් පමණ ප්‍රතිකාර ලබන බවය. සාමාන්‍ය පරිසරයේ පවතින මෙම කළු පුස් හෙවත් මියුකෝමයිකෝසිස් දිලීරයේ කුඩා පොකුරු ශ්වසන මාර්ග ඔස්සේ ගොස් බොහෝ විට මුහුනේ අස්ථි අතර පවතින කෝටරක තුළ ආසාදනය වන බවය. මෙසේ කෝටරකවල ඇතිවන ආසාදන කෙමෙන් ඇස්වලටත් මොළයටත් ගමන් කිරීමේ හැකියාවක් ඇත.

ආසාදන කලාතුරකින්

මෙම සුලබ දිලීරයක් වුවද මෙවැනි දිලීර රෝග මිනිසුන් කෙරෙහි අකාරුණික වන්නේ එනම් ආසාදනය වන්නේ කලාතුරකිනි. බොහෝවිට මෙවැනි දිලීර අපේ ශරීරවලට ඇතුළු වුවද අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් එම දිලිරවලට එරෙහිව සටන් කර විනාශ කර දමයි. ප්‍රතිශක්තියෙන් දුර්වල පුද්ගලයන් තුළ මෙවැනි දිලීර ආසාදන බරපතල ත්ත්තවයක් දක්වා ගමන් කරවිය හැකිය.

අවාදනම් කාටද?

වෛද්‍යවරුන් විසින් හඳුනාගනු ලැබ ඇති අතාකාරයට දියවැඩියාව පවතින රෝගීන්ට මෙවැනි රෝගකාරකයක් පහසුවෙන් ශරීරය තුළ සතුරුකම් කිරීමේ හැකියාවක් ඇත. එයට අමතරව රුධිරගත සීනි ප්‍රමණය ඔවුන්ගේ වැඩිවීම සහ ශරීරය තුළ ඒ හේතුවෙන් ආම්ලික පසුබිමක් නිර්මාණය වීමය. එමෙන්ම ඔවුන් තුළ සාපේක්ෂව රෝගවලට එරෙහිව සටන් කිරීමේ ප්‍රතිශක්තිය දුර්වල වීමද මේ කෙරෙහි බලපායි.
තවත් අවදානම් සහගත කාණ්ඩයක් වන්නේ දීර්ඝ කාලීනව ස්ටීරොයිඩ කාණ්ඩයේ ඖෂධ භාවිත කරන්නන්ය. මෙම ඖෂධ භාවිත කරන්නන් තුළද ශරීරයේ රුධිරගත සීනි ප්‍රමාණය ඉහළ යාමේ හැකියාවක් ඇත. ඔවුන් තුළද මෙම රෝගය පහසුවෙන් ව්‍යාප්ත විය හැකි වන අතර අවයව බද්ධ කිරීමට ලක් වූ රෝගීන්ට ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කිරීම සඳහා ඖෂධ ලබා දෙන බැවින් ඔවුන් තුළද මෙම රෝග තත්ත්වය ඇති විය හැකිය.

මෙය කොව්ඩ්වලට සම්බන්ධ වුණේ කොහොමද?

මේ පිළිබඳව ඉන්දියාවේ විශේෂඥ වෛද්‍යවරයකු පවසන්නේ මෙවැනි කතාවකි
“ කොවිඩ් රෝගීන්ගේ ශරීරය තුළ සිදුවන වෙනස්කම් මෙන්ම ඔවුන් සඳහා නිර්දේශ කෙරෙන ඖෂධද රෝගින් තුළ කළු දිලීර එනම් මියුකෝමයිකොසිස් ආසාදන සඳහා හොඳ පසුබිමක් සාදා දෙනවා. කොවිඩ් වෛරසය රෝගීන්ගේ ශ්වසන මාර්ගය අභ්‍යන්තරයට සහ රුධිර නාලවලට හානි කරවීමේ හැකියාව සහිතය. එමෙන්ම රුධිර සීරමයේ යකඩ සාන්ද්‍රණය කොවිඩ් ආසාදනය නිසා වැඩි වන බව සොයා ගෙන ඇති අතර මෙම තත්ත්වය ද දිලිරවලට වර්ධනය වීමේ වැඩි අවස්ථාවක් පවතිනවා. “

“කොවිඩ් රෝගීන්ට ලබා දෙන ස්ටිරොයිඩ කාණ්ඩයේ ඖෂධ ද දිලීර වර්ධනයට උදව් කරන බව ප්‍රකට කරුණක්. එමෙන්ම අතැම් ප්‍රතිජීවක ඖෂධ හේතුවෙන් ආසාදිත බැක්ටීරියා වර්ග මෙන්ම කළු දිලීර වැනි දිලීර ආසාදනය ඉඩ නොදෙන හිතකර බැක්ටීරියාවන් පවා විනාශ කරවනවා. කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් යම් ප්‍රතිශතයකට ඔක්සිජන් සැපයුම ලබා දීමට හෝ කෘත්‍රිම ශ්වසන යන්ත්‍රවලට සම්බන්ධ කිරීමට සිදුවුණා. එහිදී අපිරිසිදු ඔක්සිජන් සිලින්ඩර භාවිත කිරීමෙන් එක් අතකට මෙම දිලිර ආසාදනය වන්නට පුළුවන් වගේම එවැනි තත්තවවලින් ශරීර ප්‍රතිශක්තියත් දුර්වල වනවා. මා හිතන්නේ මේ හේතු නිසා මේ ආකාරයෙන් කළු දිලීර රෝගය කොවිඩ් ආසාදිතයන් අතර හමුවන්නට ඉඩ ඇති බවයි.

කෙසේ වුවද මෙම දිලිරය මුල් අවස්ථාවේ හඳුනා ගැනීමෙන් සුව කළ හැකිය. එහෙත්දුර දිග ගියහොත් ඇස් අන්ධ වීම මොළයට බරපතල හානි සිදුවීම හෝ ජීවිතය නැති වීම පවා සිදුවිය. හැකිය.

දියවැඩියා රෝගීන් පරිස්සමින්

ශ්‍රි ලංකාවේ ක්ෂ්‍රද්‍ර ජීව විශේෂඥයන්ට අනුවද මෙරට තුළ වසරකට මෙම දිලීරය ආසාදනය වූ රෝගීන් 15ත් 25ත් අතර ප්‍රමාණයක් හමුවෙයි. ඔවුන් බොහෝ දෙනකුට වෛද්‍ය ප්‍රතිකාර මඟින් සුව අතට පත් වෙයි. මෙම දිලීර ආසාදනය වෛද්‍ය ප්‍රතිකාර ඇත. එහෙත් කල් ඇතිව හඳුනා ගැනීම එහිදී ඉතා වැදගත්ය. විශේෂයෙන් දියවැඩියාව වැනි රෝග තත්ත්ව පවතින පුද්ගලයන් ඉක්මනින් රෝගය හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමෙන් සිදුවිය හැකි බරපතල තත්ත්ව පාලනය කර ගත හැකිය

රෝගය මුල් අවධියේදී හඳුනා ගැනීමට ඉවහල් වන රෝග ලක්ෂණ කිහිපයක් තිබේ. මෙම දිලිර ආසාදන බොහෝ විට සිදුවන්නේ මුහුණ ආශ්‍රිත කෝටරකවල නිසා මුහුණ ඉදිමීම, හිසරදය, උණ වැනි ත්තත්වවලට අමතරව මුඛය තුළ කළු පැහැති ලප ආකාර දක්නට ලැබීම සහ සමේ පැල්ලම් දද වැනි තත්ත්ව ඇති වීම සැලකිය හැකිය.

ඉන්දීය වෛද්‍යවරුන් පවසන්නේ මේ දිනවල දියවැඩියා රෝගීන් කොවිඩ් ආසාදනයට පත් වුවහොත් මෙම රෝග ලක්ෂණ කෙරෙහි කල්පනාවෙන් කටයුතු තළ යුතු බවය. ඒ මෙම රෝග ලක්ෂණ හරහා ආසාදනය කල් ඇතිව හඳුනාගතහොත් රෝගය පාලනය කළ හැකි වන නිසාය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊයේ කොවිඩ් මරණ 28යි.. ආසාදිතයන් 2970යි..

Next Post

නැවේ ගින්න වැඩිවේ ! පිරිරීමකින් දෙදෙනෙකුට තුවාල

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.