අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් මැද රට අලුත් කරන මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති…

නිවාස ව්‍යාපෘති 09ක්... වියදම රුපියල් බිලියන 15ක්... සියයට 6.5 පොලියට බැංකු ණය...

by editor
ජූනි 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මධ්‍යම පාංතිකයන් වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස 3,000 ක ඉදිකිරීමේ කටයුතු මේ වනවිට කඩිනමින් සිදුකෙරෙමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ලෝක වසංගතයක් වන පීඩාකාරී, බියකරු කොවිඩ් වසංගත රෝග තත්ත්වය, සංචරණ සීමා, නිරෝධායන නීති රීති, සෞඛ්‍ය නිර්ණායක මධ්‍යයේ වුව ද මධ්‍යම පාංතිකයන්ගේ නිවාස අවශ්‍යතාව සපුරාලීම අරමුණු කරගනිමින් සියලු සෞඛ්‍ය නිර්ණායකයන්ට සහ උපදෙස්වලට යටත්ව  අග්‍රාමාත්‍යතුමා ලබාදුන් උපදෙස් මත මෙම සියලු ඉදිකිරීම් කටයුතු සිදුකරන බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය කියයි.ඒ අනුව ඔරුගොඩවත්ත, පෑලියගොඩ, කොට්ටාව, බ්ලූමැන්ඩල්, බොරලැස්ගමුව, මාලඹේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ යන ප්‍රදේශ තුළ මෙම නිවාස 3,000 ඉදිකිරීම මේ වනවිට සිදු කෙරෙමින් පවතී.

ඒ යටතේ පසුගිය ජනවාරි 04 වන දින නිවාස ව්‍යාපෘතියේ වැඩ කටයුතු ඔරුගොඩවත්තෙන් ආරම්භ කෙරිණ. එහි නිවාස 432 ක් මේ වනවිට ඉදිකෙරෙමින් පවතී. මෙම නිවාස ඉදිකිරීම්වල පළමු නිවාස ව්‍යාපෘතිය ද එය වේ.

දෙවන පියවර වනුයේ පෑලියගොඩ ඉදිකෙරෙමින් පවතින නිවාස ව්‍යාපෘතියයි. එය නිවාස ඒකක 384 කින් සමන්විත නිවාස සංකීර්ණයකි. එහි ඉදිකිරීම් කටයුතු පසුගිය ජනවාරි 05 වන දින ආරම්භ කෙරිණ. එම නිවාස ඒකකය සියලු අධිවේගී මාර්ග එකට එකතු වන සහ ආර්ථික මර්මස්ථාන කලාපයක් කේන්ද්‍රකර ගනිමින් මේ වනවිට ඉදිකෙරෙමින් පවතී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොට්ටාව, මාකුඹුර ඉදිවන නිවාස සංකීර්ණය එහි තෙවන අදියරයි. පසුගිය ජනවාරි 05 වැනි දින ඇරඹුණු එහි මේ වනවිට නිවාස 314 ක් ඉදිකෙරෙමින් පවතී. එම නිවාස සංකීර්ණය ඉදිකෙරෙමින් පවතිනුයේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය, දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම සහ හයිලෙවල් මාර්ගයට ආසන්නවයි.

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ස්ටේඩියම්ගම ඉදිවන සිව්වන නිවාස සංකීර්ණයේ වැඩ කටයුතු පසුගිය ජනවාරි 06 වන දින ආරම්භ කෙරිණ. එහි නිවාස ඒකක 210 කින් යුත් නිවාස සංකීර්ණයක් ඉදිකෙරෙමින් ඇත. කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයට ආසන්නව පිහිටා තිබෙන මෙම නිවාස සංකීර්ණය ඉතා වැදගත් වාණිජ ගොඩනැගිලිවලින් යුක්ත ආර්ථික කලාපයකින් හෙබි ප්‍රදේශයකි.

නව නිවාස 120 කින් යුත් පස්වැනි නිවාස ව්‍යාපෘතිය ජනවාරි මස 08 වැනි දින ඉදිකිරීම ආරම්භ කෙරිණ. ඒ අතිශය නාගරික ඝනත්වයකින් සහ සීඝ්‍රයෙන් සංවර්ධනය වන ආර්ථික රටාවක් පවත්නා බොරලැස්ගමුව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමිනි.

පෑළියගොඩ ප්‍රදේශයේ නිවාස ඉදිකිරීමේ දෙවන අදියර යටතේ ඉදි කෙරෙන නව නිවාස සංකීර්ණය මෙම ව්‍යාපෘතියේ හයවැන්නයි. මෙහි ඉදිකිරීම් කටයුතු ද ජනවාරි මස ආරම්භ කෙරිණ. මෙම නිවාස සංකීර්ණයට නිවාස ඒකක 504 ක් ඇතුළත් වේ.

පසුගිය ජනවාරි මාසයේ 07 වැනි දින මාලඹේ ඉදිකෙරෙන නිවාස සංකීර්ණයේ වැඩ ඇරඹිණ. එය මෙම නිවාස ව්‍යාපෘතියේ හත්වැනි නිවාස ව්‍යාපෘතිය වේ. නිවාස ඒකක 256 කින් මෙම ව්‍යාපෘතිය සමන්විත වෙයි. අතිශය කාර්යබහුල වෙළඳ සහ ව්‍යාපාරික පරිසරයක් තුළ මෙම නිවාස සංකිර්ණය පිහිටා තිබේ.

මහනුවර ගැටඹේ ප්‍රදේශයේ ඉදිවන නව නිවාස සංකිර්ණය ද ජනවාරි මස 12 වැනි දින ආරම්භ කෙරිණ. මෙම නිවාස සංකීර්ණයට නව නිවාස 124 ක් ඇතුළත් වන අතර, එය මෙම නිවාස ව්‍යාපෘතියේ අටවැන්නයි. කොළඹ නව නුවර මාර්ගය ආසන්නයේ ගැටඹේ අධිකරණ සංකීර්ණය පිටුපස මෙම නිවාස සංකීර්ණය මේ වනවිට ඉදිකෙරෙමින් පවතියි. මෙම ප්‍රදේශය තුළ රාජ්‍ය හා පෞද්ගලිකව ආයතන රැසක් පිහිටා තිබේ.

ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දෙවන නිවාස සංකීර්ණය ඉදිකිරීමේ පියවර යටතේ ම ජනවාරි මස දී නිවාස 440 ක ඉදිකිරීම ආරම්භ කෙරිණ. එය මෙම නිවාස ව්‍යාපෘතියේ නවවැන්නයි.

රට කුමන තත්ත්වයක පැවතියත් රටත්, ජනතාවත් වෙනුවෙන් රටේ සංවර්ධනය නොනවත්වා යාම, රටේත්, ජනතාවගේත් අරමුණු ඉටු කර දීම, අනාගතයේ දී රට තරඟකාරී ලෝකයට සාර්ථකව මුහුණ දිය හැකි ආර්ථිකය ප්‍රධාන කරගත් රටක් නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් සිදුකරන වැඩ පිළිවෙලේ එක් සංවර්ධන අංගයක් වනුයේ මෙම නිවාස ව්‍යාපෘති වේ.

මෙම නිවාස ව්‍යාපෘති සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 40 කි. ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කර වසරක්, වසර එකහමාරක් තුළ සාදා නිම කිරීම මෙහි මූලික අරමුණයි.

නව යුග දිවියට පිවිසෙන තරුණ තරුණියන්, තරුණ වෘත්තීකයන්, ගුරුවරුන්, බැංකු නිලධාරින් සහ මධ්‍යම පාංතිකයන් ඉලක්කකර ගනිමින් මෙම නිවාස ව්‍යාපෘති දියත් කෙරේ.

ඉදිකෙරෙන සියලු නිවාස ව්‍යාපෘති රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියා ස්ථානවලට ආසන්නව ඉදිකර තිබීම විශේෂත්වයකි.

සියලු නිවාස මහල් නිවාස ලෙස ඉදිවන අතර, සියලු යටිතල පහසුකම්වලින් සමන්විත වෙයි.

වර්ග අඩි 700 සහ 900 බැගින් වන නිවාස ඒකක වර්ග 02 කින් මෙම නිවාස ව්‍යාපෘති අවසන් වේ.

රාජ්‍ය බැංකුවලින් 6.25% ක් වැනි අඩු පොළියකට වසර 25 ක් තුළ ගෙවා නිම කිරීමේ පහසු ගෙවීමේ ක්‍රමයකට මෙම නිවාස ලබාගත හැකි වීමේ පහසු ක්‍රමවේද ද නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සකස් කර ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇත්තේ සෑම නිවසක් ම නියමිත ප්‍රමිතියට අනුකූලව මධ්‍යම පාංතිකයන්ගේ නිවාස අවශ්‍යතාවලට ගැළපෙන ලෙස මෙම නිවාස සකස් කරන ලෙසටය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සමස්ථ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් පාලනය කරන්න බැරිවුනේ පසුගිය ආණ්ඩුවේ ඇමතිවරයෙක් හා සම්බන්ධ සෞඛ්‍ය අමාත්‍යාංයේ පිරිසක් නිසා… GMOA

Next Post

කොවිඩ් ආසාදිත 12වැනි ගර්භණී මවත් මිය යයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.