කොවිඩ් තර්ජනය කොටුව පොලිසියත් වසා දමයි…

කොටුව පොලිසියේ සාමාන්‍ය රාජකාරි සිදුකිරීම නවත්වා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

කොළඹ, කොටුව පොලිස් පරිශ්‍රයේ පිහිටා ඇති බස්නාහිර පළාත් විශේෂ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවනේ එම  තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් කීවේය.

ආසාදිත පොලිස් නිලධාරියා වාර්තා වීමෙන් පසු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් සියලු දෙනාම   නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය. මේ වනවිට   කොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් 48ක් එම පොලිස් ස්ථානය තුළදීමත්,   කොටුව පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි සෙසු නිලධාරින් පොලිස් බැරැක්ක තුළදීත් ස්වයං නිරෝධායනයටත් ලක් කොට ඇත.


අද සිට නැවත දන්වන තුරු කොම්පඤ්ඤවීදිය සහ පිටකොටුව පොලිස් ස්ථාන වලින්, කොටුව පොලිස් ස්ථානයෙන් සිදුකිරීමට අවශ්‍ය රාජකාරී සිදුකෙරන බව ඔහු සඳහන් කළේය.

අද ( 21) දිනයේදී කොටුව පොලිස් ස්ථානය සෞඛ්‍ය උපදෙස් අනුව සම්පුර්ණයෙන් විෂබීජ හරණයට ලක් කිරීමෙන් පසුව වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් යොදවා එම පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු යළි ඇරඹීමට කටයුතු  සූදානම් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට පෙර මෙවැනි කොවිඩ් තර්ජනයක් නිසා මිනුවන්ගොඩ පොලිසිය වසා දැමීමට සිදු විය.

 

 

Exit mobile version