පාස්කු ප්‍රහාරය හේතුවෙන් සහ කොවිඩ් වසංගතය හේතුවෙන් අඩාළ වුණු සංචාරක ව්‍යාපාරය ඇතුළු ව්‍යාපාර ක්ෂේත්‍ර සඳහා ලබා දී ඇති ණය ගෙවීමේ සහන වැඩ පිළිවෙළ තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳ ව බලාපොරොත්තු නොවන්නැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
ඊයේ (24) ශ්‍රි ලංකා වානිජ මණ්ඩලයේදී පැවති උත්සවයක අදහස් දක්වා ඇති මහ බැංකු අධිපතිවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ බිඳ වැටී යලි ගොඩ නැගමින් පවතින ආර්ථිකයක් තුළ මෙවැනි ණය සහන ලබා දීම කළ නොහැකි බව මෙරට ව්‍යාපාරික ප්‍රජාව තෙරුම් ගත යුතු බවයි.
මේ වනවිටත් බැංකු සහ මූල්‍ය ආයතන පද්ධතිය ස්ථාවරව පැවැත්වීම රටේ මූල්‍ය සථාවර තත්ත්වයට පත් කිරීමේදී අතිශයින්ම වැදගත් බවත් මේ සාධක මත තවදුරටත් රටේ බැංකු ක්ෂේත්‍රයේ මූල්‍ය අස්ථාවරත්වයක් නිර්මාණය කිරීමේ ඉඩකඩ වළකාලිය යුතු බවද ඔහු අවධාරණය කර ඇත්තේ 2023 ආර්ථිකය පිළිබඳව ශ්‍රි ලංකා වානිජ මණ්ඩලය විසින් සකසන ලද ප්‍රකාශනය එලි දැක්වීමේ අවස්ථාවේදීය.
එහිදී තවදුරටත් අදහස් දක්වන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙසේ පැවසීය.
“ බොහෝ ව්‍යාපාරිකයන් සහ ව්‍යාපාර ප්‍රජාව පසුගිය වසර තුන පුරා ක්‍රියාත්මක වුණු ණය ආපසු ගෙවීමේ සහන කාල සීමාව දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටිනවා. අසීරුවෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින ආර්ථිකයක් තුළ එවැනි දෙයක් බලාපොරොත්තු විය නොහැකියි. ඒ වෙනුවට ව්‍යාපාරවල ස්ථාවරත්වය ගොඩ නගා ගැනීමට අදාල වෙනත් විකල්ප පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.
උදාහරණයක් ලෙස දැනට වැඩිම ණය සහන හිමිව තිබෙන සංචාරක ක්ෂෙත්‍රය සැලකිය හැකියි. ඔවුන්ට යළි තම කර්මාන්තය යථා තත්ත්වයට පත් කර ගැනීමට නම් විශාල වශයෙන් සංචාරක ප්‍රවර්ධන කටයුතු කළ යුතුයි. එබැවින් ඔවුන් ඊට අදාල පාර්ශ්වකරුවන් සමඟ එවැනි විකල්ප කෙරෙහි වැඩි අවධානයක් දැක්විය යුතුයි. අපට මෙම අර්බුදයෙන් පිටතට පැමිණීමේ එකම මාර්ගය එයයි.
බැංකුවලට සිය තැන්පතුකරුවන්ට අදාළ කාල සීමාව තුළ පොලි ගෙවිය යුතුයි. අද රටේ අර්බුදයකට ලක්ව ඇත්තේ ව්‍යාපාර පමණක් නොවෙයි. අප සියලු දෙනාම මේ වේදනාව බෙදා ගත යුතුයි.“