කොවිඩ් ආසාදිත 15 හැවිරිදි දැරියක් ඉතා අවසානාවන්ත ලෙස මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුවියක් වන සඳමිණි නෙත්සරණි නමැති එම දැරියකි.
නිවසේදී හදිසියේ ඇතිවූ උදරයේ අපහසුතාවයක් හේතුවෙන් ඊයේ (22) දහවල් 12ට පමණ දැරියව බලපිටිය මූලික රෝහලට රැගෙනවිත් ඇති අතර පැය කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී දැරිය මියගොස් ඇත.
දේහය සම්බන්ධයෙන් සිදුකර තිබූ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයේදී දැරියට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පරගහතොට ආදාහනාගාරයේදී සිදුකර තිබේ.