බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් අස්සේ මාධ්‍ය සංදර්ශන පා හෑල්ලු වෙන පොලිස් විකෘති

by editor
නොවැම්බර් 27, 2020
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

මාළිගාවත්ත පොලිස් බල ප්‍රදේශය සති තුනක් තිස්සේ හුදකලා කරය.  තවමත් පවතින්නේ හුදෙකලා තත්වයේය. සංචරණ සීමාවන් තදින්ම ක්‍රියාත්මක වන මාළිගාවත්තට ඇතුළුවීමත් පිටවීමත් තහනම්ය. සංචරණ සීමා පැනවූ පළමු සතියේම මාළිගාවත්තේ ජනතාවට ආණ්ඩුවේ රුපියල් 10000   මඩු මල්ල නිවසටම ලැබුණේය. එම බඩු මල්ලේ 10000 කම බඩු මදි නොකියන්න තිබුණේය. මිරිස් තුනපහේ සිට කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවාය පවා එම මල්ලේ තිබුණේය. බොහෝ තැන්වල එම බඩුමල්ල සම්බන්ධයෙන් විවේචන තිබුණත් මාළිගාවත්තේ වැසියන්ට නම් එම බඩු මල්ල ගැන විචේචන නොවීය. ඒ අය කීවේ සාමාන්‍ය පවුලකට මාසයකට සෑහෙන භාණ්ඩ එහි තිබුණු බවකි.

හුදෙකලා කළ තුන්වැනි සතිය ගෙවෙමින් පැවැති ඊයේ (26) උදෑසන මාළිගාවත්ත පොලීසියේ නිලධාරීන් පිරිසක්  එහි වැසියන්ට දැනුම් දෙන්නේ ජනතාවට බෙදා දීමට තවත් භාණ්ඩ තොගයක් ලැබී ඇති බැවින් එම භාණ්ඩ බෙදා දීමට පොලිස්පතිවරයා පැමි‍ණෙන බවය. එබැවින් උදෑසන 9.00 ට පමණ මාළිගාවත්ත ප්‍රදීපා ශාලාව අසලට පැමිණෙන ලෙසය.

පොලිස්පතිවරයා පැමිණෙන බව කී නිසාම ජනතාව පොලීසිය දැනුම් දුන් වේලාවටම ප්‍රදීපා ශාලාව අසලට පැමිණියේය. එහිදී දක්කට ලැබුණේ ප්‍රදීපා ශාලාව ආසන්නයේ ඇති හිස් භූමි කොටසක් පොලීසියේ නිලධාරීන් පිරිසිදු කරන අයුරුය. පොලිසිය විසින් පැමිණි පිරිස්ද ඊට සහභාගි කරගත්තේ බඩු බෙදා දීම සිදුවන්නේ එම ස්ථානයේ බව  කියමිණි. එම ස්ථානය පිරිසිදු කිරීමෙන් පසු රටේ ප්‍රධාන වෙළඳ නාමයක බෝඩ් ලෑලි සවි කරමින් තාවකාලික කූඩාරම් ඉදිකරන්නට ගන්නේ ද පොලීසියේ මෙහෙයැවීමෙනි.

බඩු බෙදිල්ලකට සූදානමක්වත් ඒ වන විට එම ස්ථානයේ නොවුණු බැවින් මාළිගාවත්තේ ජනතාව ඒ ගැන පොලීසියෙන් විමසන වූහ. “හවස 2.00“ ට එන්න යැයි පොලිසිය පවසන්නේ වෙලාව වෙනස් වූ බව හඟවමිනි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒ අනුව සවස 2.00 ට මාළිගාවත්තේ වැසියන් නව පොලිස්පතිවරයාගේ අතින් භාණ්ඩ ලබා ගැනීමේ අරමුණින් ඒ තැනට ගියේය. ඒ වන විට තද අව්ව ඒ ස්ථානයට වැටී තිබුණේ එතැන රැදී සිටීම එතරම් පහසු නොවන ලෙසිණි. එහෙත් ඒ සියල්ලක්ම ඉවසාගෙන ජනතාව රැදී සිටින්නට වූයේ පොලිස්පතිවරයාගේ පැමිණිම අපේක්ෂාවෙනි.

වේලාව සවස 3.00 ට පමණ ඇත. පොලිස් යතුරුපැදි දෙකක් සහ ආරක්ෂක රථයක් පෙරටුකරගනිමින් කළු පැහැයට හුරු මෝටර් රථයක් ස්ථානයට ආවේය. එම රථය එන විට පොලිස් නිලධාරීන් සීරුවෙන් සිට ගන්නා විට එහි සිටියවුන්ට ඒ පැමිණ ඇත්තේ ඇමතිවරයෙක් දැයි සැකයක් ඇති විය. එහෙත් රථයෙන් බැස්සේ ඇමතිවරයෙක් නොවේ. පොලිස්පතිවරයාත් නොවේ.

මෝටර් රථයෙන් එළියට බසින්නේ වෙනත් පොලිස් නිලධාරියෙකි. ජනතාව අතරට ගොස් බඩු බෙදන රූප රාමු රූපවාහිනී තිරයෙන් දකින මෙම නිලධාරියා කවුරුන්දැයි පහසුවෙන්ම එම ස්ථානයේ රැදී සිටි ජනතාව හඳුනා ගත්හ.

ඒ වන විට එම ස්ථානයේ ලොකු කාඩ් බෝඩ් පෙට්ටි තොගයක්ම ගොඩ ගසා තිබුණේය. මෙම නිලධාරියා එහි පැමිණෙන විට මාධ්‍ය ආයතන කිහිපයකම කැමරා ශිල්පීන්ද පැමිණ සිටියහ. අනතුරුව පැමිණි උසස් පොලිස් නිලධාරියා සංකේතාත්මකව පෙට්ටි බෙදුවේය.    එම පෙට්ටි ජනතාවට ලබාදෙන ආකාරය ද කැමරාවල සටහන් විය. මාධ්‍යවේදීහු පොලිස් ප්‍රධානියා එම ස්ථානයෙන් පිටව යනවාත් සමග එතැනින් ඉවත්ව ගියහ.

එහෙත් එම ස්ථානයේ සිටි මාළිගාවත්තේ ජනතාවට නම් නිවෙස් වෙත යන්නට ඉඩක් නොවීය. එහි සිටි පොලිස් නිලධාරීහු පොලිස් ලොක්කා අතින් ප්‍රදානය කළ පෙට්ටි ටික නැවත එකතුකර ගත්හ. ලොක්කාගේ අතින් මාධ්‍ය ඉදිරියේ ජනතාවට ලබාදුන් ඒ පෙට්ටි විවිරකර කළහ. ඒ තුළ වූයේ    රුපියල් 175 ක වෙළෙඳපල   වටිනාකමක් ඇති ක්ෂණික නූඩ්ලස් පැකට්ය. අනතුරුව ඒ එක් පැකට් එකක් එතැනට පැමිණි එක් නිවෙස් හිමියෙකුට ලැබෙන සේ පොලිසිය නූඩ්ල්ස් පැකට් බෙදුවේය.

පැය ගණනක් ජනතාව අව්වේ තබා කළ මෙම අවමානය නිසාම බොහෝ පිරිසක් එම නූඩ්ලස් පැකට්ටුව පොලිස් නිලධාරීන් දෙසටම දමා ගසා සිය ගියහ. බොහෝ දෙනෙක් පොලිස් ලොක්කාගේ මවද මතක් කරනු ඇසිනි.

පොලීසිය මේ කර ඇත්තේ මාධ්‍ය සංදර්ශනයක් බව මාළිගාවත්තේ වැසියන්ට පසක් වූයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නැරඹිමේදීය. ඒ අදාල පොලිස් ලොක්කා ජනතාවට බඩු බෙදිල්ල විකාශය වනු දැකීමෙනි. එම ප්‍රවෘත්තිය නරඹන කාටත් පෙනී ගියේ පෙට්ටියක් පිරෙන්නට බඩු මල්ලක් මාළිගාවත්තේ වැසියන්ට පොලිස් ලොක්කාගෙන් ලැබී ඇති බවකි.

එහෙත් රූපවාහිනී කැමරා ඉදිරියේ අහිංසක දුගී ජනතාව වරු ගාණක් පෝලිම් ගැස්සුවේ  රුපියල් 175කට මිල කර ඇති නූඩ්ලස් පැකට්ටුවකට බව එම පුවත නැරඹූ මිලියන ගණන් රටේ මිනිස්සු දන්නේ නැත. මෙවැනි පොලිස් විකෘති සහිත රටක පොලිස්පති වරයා වූ ඩී.සී. වික්‍රමරත්නට බොහෝ අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවන බව නම් අපට පැහැදිලිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ්වලින් නැවතුණු සවුදි රැකියා සඳහා ශ්‍රමිකයන් පිටත් කිරීම ඇරඹේ…

Next Post

තෙල්දෙණිය හෝටලයේ නිරෝධායනය කළ නළු නිළි පිරිසට කොවිඩ් නෑ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.